Print this Article


තුන් නිවුන් දරුවන් තිදෙනාට ආධාර කරන්නැයි ඉල්ලීමක්

තුන් නිවුන් දරුවන් තිදෙනාට ආධාර කරන්නැයි ඉල්ලීමක්

අවිස්සාවේල්ල, නාපාවල, කැලෑගම, අංක 373 පදිංචි කුමුදු චාමින්ද මහතා කාරුණික ඉල්ලීමක් කරයි.

ඔහුට අවුරුදු හයක පිරිමි දරුවෙක් සිටී. ඒ අතර ඔහුගේ බිරිඳ තුන් නිවුන් දරුවන් බිහිකර ඇති බැවින් ඔහු ආධාරය පතයි. ඔහුට ස්ථිර රැකියාවක් නොමැති අතර දරුවන් හතර දෙනාගේ අවශ්‍යතාවලට විශාල මුදලක් වැයවන බව දන්වයි. දරු තිදෙනාට දිනකට එක් කිරි පැකැට්ටුව බැගින් දිය යුතු බවත් සබන් ඇතුළු දරුවන්ගේ වෙනත් අවශ්‍යතා ඉතා ඉහළ බවත් ඔහු කියයි. ඔහුගේ බිරිඳද හදිසි ශෛල්‍යකර්මයකට ලක් කර ඇති බැවින් ඇයටද ඖෂධ හා ශක්තිජනක කිරිපිටි සඳහා ද විශාල මුදලක් වැයවෙයි. මේ දරුවන් තිදෙනා ඇති දැඩි කර ගැනීමට ඔවුන් ආධාරය පතයි. අවිස්සාවේල්ල ලංකා බැංකුවේ රේණුකා පේ‍්‍රමලතා නමින් ඇති ගිණුම් අංක 1775633 ගිණුමට මුදල් බැර කළ හැක. වැඩි විස්තර දුරකතන අංක 0362232793 හෝ 0719656363 දැනගත හැකියි.