Print this Article


බෙල්ලන්විල රාජ මහා විහාරයේ කඨින පින්කම

බෙල්ලන්විල රාජ මහා විහාරයේ කඨින පින්කම

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ කඨින පින්කම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොහොය දින මේ මස 06 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. රෝහිත වික්‍රමආරච්චි (වික්‍රම ප්‍රඩක්ට්ස්) මහතා මෙවර කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වය උසුලයි. ඔහුගේ නිවසින් අලුයම පිටත්වන කඨින වස්ත්‍ර පෙරහර උදෑසන 06.30 වන විට විහාරස්ථානයට පිවිසේ. මෙදින රාත්‍රී 07.30 ට කඨිනානිශංස දේශනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසිනි.