Print this Article


බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ ත්‍රිවිධ පුණ්‍ය මහෝත්සවය

බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ ත්‍රිවිධ පුණ්‍ය මහෝත්සවය

බෝපිටිය ශ්‍රී සුමන අභයදාන සංගමයට දස වසරක් පිරීම නිමිත්තෙන් ශි‍්‍ර සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදි මේ මස 05 වැනිදා පින්කම් මාලාවක් පැවැත්වේ. ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධාන සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වේ. බෝධීන් වහන්සේට රන්වැට පූජාකිරීම, අටවිසි බෝධි මළුව පූජා කිරීම හා ‘ශාන්ති’ පුස්තකාලය පූජා කිරීම මෙම පින්කමේ විශේෂ වැඩසටහන් බව සුමන අභයදාන සංගමයේ අනුශාසක හා විහාරාධිපති හුණුවිල ශී‍්‍ර සුමනරතන හිමියන් හා මීගහවෙල සුමන ශාන්ත හිමියන් දන්වා සිටියි.