Print this Article


පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පොහෝ දින, දාන, ශීල,භාවනා ආගමික වැඩසටහන් මාලාවක් දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි, ශාස්ත්‍රවේදී කුඩා ඇළගමුවේ ඥානසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරයි.

පෙරවරු 06.00 පෙහෙවස් සමාදන් වීම, පෙරවරු 06.30 උදෑසන බුද්ධ පූජාව 08.00 ධර්ම දේශනාව මහාචාර්ය කඩවත්ගම පියරතන නාහිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය, නීතිඥ ඩබ්.එම්. කරුණාරත්න මහතා ,10.30 දවල් බුද්ධ පූජාව, 11.00 දවල් දානය.

දවල් 12.00 ජාතක කතාව , භාණක පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි , පස්වරු 01.00 ධර්ම දේශනාව පණ්ඩිත ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමි. 02.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, සහභාගිත්වය ශාස්ත්‍රවේදී පණ්ඩිත කිරිගල්වැවේ ඥානාලෝක නාහිමි, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා 04.15 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 05.15 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි ,05.55 සිල් පවාරණය .


කැලණි රාජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 කඨින පූජා පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, 6.30 – 7.00 සීල සමාදානය හා උදෑසන බුද්ධපූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති කන්දේගම නාරද හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව දෙමටපිටියේ මධුරවංස හිමි, පස්වරු 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව දැදිගම තිලකවංශ හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා කල්‍යාණී රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, 5.00 – 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ගොඩපොල නන්ද හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව පණ්ඩිත නාවින්නේ සුගුණධම්ම නාහිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 -7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.00 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 - තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣානයනාව පණ්ඩිත අලුත්වෙල ධම්මසති හිමි 1.00 – 2.00 ධර්මදේශනය මහවත්තේ කල්‍යාණධම්ම මාහිමි, 2.00- 3.30 ධර්මසාකච්ඡාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති නාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය කන්දේගෙදර සුනීතානන්ද මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


බම්බලපිටිය - සිරිවජිරාරාමය

පෙරවරු 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව,අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද නාහිමි, 08.00-.09.00 ධර්ම සාකච්ඡාව, මීගොඩ සුඛිත හිමි, 09.00-10.00 ජාතක කතා පොතෙන් පිටිපන සාසනරතන හිමි, 10.00-11.00 භාවනාව ගම්පහ පාසාදික හිමි, 11.00-11.15 බුද්ධ පූජාව, පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 01.15 සෙත්පිරිත් කඹුරුගමුවේ මහානාග හිමි , 01.15-02.30 ධර්මානුශාසනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 03.00-04.00 ගිහි දේශනාව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහතා, 04.00-05.00 ධර්මානුශාසනාව තලාවේ සුමනරතන හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව වේරදූවේ මහින්ද හිමි, 06.00-07.00 අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේදී ඉල් පෝදා පින්කම් පැවැත්වේ. මෙම වැඩසටහන දෙහිගස්පේ සිරි විමල, හොරපාවිට ගුණසිරි, එප්පාවල තිලෝකනාථ, ගම්මැදගම චන්ද්‍රජෝති , හඳුගල සමිඳු, දිගාමඩුල්ලේ බෝධිසීහ, බුකැන්දයායේ අරියවංශ, ජූලම්පිටියේ සෝමින්ද, ජූලම්පිටියේ සුසිත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරින්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන් සංවිධානයේදී සහාය වෙති.


කළුතර බෝධිය

පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාතර හිමි 7.30-9.00 ධර්ම දේශනාව කඩවත පඤ්ඤානන්ද හිමි, 9.15-10.15 ධර්ම දේශනය ලේනව මංගල හිමි , 10.30-11.30 ධර්ම දේශනය මස්පන්නේ ගුණාලංකාර හිමි, පස්වරු – 1.00 -2.45 ධර්ම දේශනය, පිටිගල ධම්ම විනීත හිමි 3.00-4.00 ධර්ම දේශනය, පලාතොට පඤ්ඤානන්ද හිමි, 4.15-6.30 ධර්ම දේශනය නාගොඩ සද්ධාලෝක හිමි 6.45-7.30 පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ බෝධිපූජාව (පටිගතකල එකකි) 7.45-8.50 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 9.00 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය

පෙරවරු 6.00 සිල් සමාදන්කරවීම හා තෙරුවන් වන්දනාව , 07.00 බුද්ධ පූජාව පැවැත්වීම , 08.30 ධර්මදේශනාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි ,10.00 භාවනාව ,තලාවේගම සද්ධාතිලක හිමි 11.00 බුද්ධ පූජාව පැවැත්වීම,

පස්වරු 01.30 ජාතක ධර්ම දේශනාව – මොරගොඩ සුධම්ම පොඩි හාමුදුරුවන් 03.00 ධර්ම සාකච්ඡාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි සමඟ මහාචාර්ය ජී.ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී.වීරතුංග මහතා 04.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ ලංකානන්ද හිමි, 06.00 සිල් පවාරණය , 06.30 බුද්ධ පූජාව, 07.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි .


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

අළුයම 5.30 ට කිරි ආහාර පූජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම පෙරවරු 5.30-6.00 කිරි ආහාර පූජාව දරණාගම කුසලධම්ම නාහිමි, 6.00-7.15 සීල සමාදානය බුද්ධ වන්දනාවල භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00-9.00 ධර්ම දේශනාව, තල්ගමුවේ සුධීරානන්ද හිමි 9.30 – 10.30 ධර්ම දේශනාව හාපිටිගම විජිත හිමි, 11.00-11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, අනුරාධපුරයේ ධම්මසිරි හිමි ,පස්වරු 12.30-2.00 ධම්සභා මණ්ඩපය ගම්පහ ඤාණවීර හිමි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර මහතා, මාධ්‍යවේදී ආචාර්ය රාජා ධර්මපාල මහතා, මෙහෙයවීම රංග ලියනගේ, 2.00-3.00 භාවනාව , කහගොල්ලේ සෝමවංශ හිමි ,3.30-4.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 4.30-5.30 ධර්ම දේශනාව වත්තේවැවේ ධම්මානන්ද හිමි, 5.30-6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව මහරගම පදුම හිමි .


මාතර වල්පොල සිරිමංගල පිරිවෙන

වලස්ගල පුන්‍යජි මයුරවංශ හිමි, අනුශාසනා පරිදි ත්‍රිපිටක ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි, හොරපාවිට ධම්මිස්සර, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, කුඩාගොඩ ඤාණවංශ , තණමල්විල මුදිත ,සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි යන හිමිවරු පින්කම මෙහෙයවති.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. සවස අෂ්ඨපල තේවාවභාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථදායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කරයි. ඊ.එච්.සෝමපාල කතරගම විශේෂ


තලවතුගොඩ ශී‍්‍ර ඥානාරාම මධ්‍යස්ථානය

පෙරවරු 5.30-6.30 කිරිපිඩු පූජාව සීල සමාදානය, අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 8.00-8.30 භාවනාව, 8.30-9.30 ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාමවාසී මහින්ද හිමි, 9.30-10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 10.30-11.30 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15-1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව, 1.00-2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00-3.00 ධර්ම දේශනාව, මීගොඩ සුඛිත හිමි, 3.30-4.30 ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 4.30-5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව හා සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි


විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, අලුයම 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදුකිරීම ධර්මායතානාධිපති දම්පහල ඤාණරතන නා හිමි , පෙරවරු 8.30- 9.30 කාව්‍යමය ධර්ම දේශනාව බතලයායේ සමිත හිමි 9.30-10.30 ධර්ම දේශනය ආසිරි රාජපක්ෂ මහතා 10.30- 11.00 මෛත්‍රි භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි 11.00-12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසූධීර හිමි පස්වරු 12.30 – 1.30 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 1.30- 2.00 සක්මන් භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි 2.00 3.00 ජාතක කථා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා 3.00-4.00 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන් 4.00 සිට 5.00 මහ පිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා 5.00 ට සිල් පවාරණය සිදු කිරීම, දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 ට අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධිපූජාව දම්පහළ ඤාණරතන නාහිමි

බුදුසරණ පත්‍ර බෙදා දීමේ දායකත්වය දරනු ලබන්නේ බුරුතගොල්ල ඔක්කම්පිටිය හි පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

එදින පෙරවරු 6.00 – 6.30 ට උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 ට භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්මදේශනය හෙට්ටිපොළ සුධීර හිමි, 10.30 – 11.00 දවල් බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද හිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව, 2.15 – 3.15 ට ධර්ම දේශනය රාජකීය පණ්ඩිත දෙනගම සුධම්ම හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම්සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය, තණමල්විල සුගතරංසි හිමි, 6.00 ට සිල් පවාරණය 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු – 06.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පුජාව පැවැත්වීම, වැලිමඩ පසන්න මානස හිමි, 08.00-09.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 ධර්මදේශනාව –ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවාකන්දේ ඤාණානන්ද නාහිමි, 10.00-11.00 අභිධර්ම කතාව –පුස්සැල්ලෑවේ ධම්මරක්ඛිත හිමි, 11.00-11.15 බුද්ධ පූජාව – මීගොඩ මධුභානි හිමි,අරණායක බුද්ධරක්ඛිත හිමි. පස්වරු 12.35-1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, නාලන්දේ සුමානිත හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00-03.30 ධර්මදේශනාව, පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි, 04.00-05.00 ධර්ම දේශනය මිරිස්සේ ධම්මික නාහිමි 05.00-06.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව, පණ්ඩිත බිබිලේ ඤාණාසන්ත හිමි, 8.00-9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති හිරියාලේ සුමන හිමි, 10.00-11.15 අනුශාසනාව හා බුද්ධ පුජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුුරුද්ධ හිමි පස්වරු 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ගිහි දෙසුම, ගත්කතුවර හෙන්රි දසනායක මහතා, 3.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කැටේපොල ධම්මරතන හිමි , 4.15-5.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00-6.30 බෝධි පුජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පැවැති මහාවිහාර පුන් පොහොය වැඩසටහන පුන් පොහෝ දින සිට සැම පුන් පොහෝ දිනයකදී ම සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන නමින් අනුරාධපුර වේලුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ. මෙම ඉල් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. භාවනා වැඩසටහන ද ඉල් පුන් පොහොය දිනයට පසු දින පෙරවරු 8 – 10 දක්වා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ හිටපු උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතායි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවකි. පෙරවරු 6.00 සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 – 9.00 දම් දෙසුම උඩහාමුල්ලෙ තාදි දසසිල් මෑණිියන් 9.00 – 10.00 දම් දෙසුම දර්ශනපති ගැමුණුපුර සෝමවංශ හිමි 11.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 5.00 භාවනාව පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මෑණියන් තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාව මෙහෙයවීම පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් මෙම පුර පසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතරේ ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


නාගසේන ධර්ම සංවාදය

අලව්ව ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී මේ මස 6 වැනිදා (පෝදා) රාත්‍රී 7.00ට මිළිඳු නාගසේන මහා ධර්ම සංවාදය, පැවැත්වේ. අලව්ව මාබෝපිටිය විහාරාධිපති සංවාද ධර්ම දේශක, තෙලිකඩ ධම්මිස්සර හිමියන් මෙම ධර්ම සංවාදය මෙහෙයවයි.