Print this Article


ශී‍්‍ර දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය

ශී‍්‍ර දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය මේ මස 6 වෙනිදාට යෙදෙන පසළොස්වක පෝදා චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින රාත්‍රි කාර්තික මංගල්‍යය පෙරහර පැවැත්වෙන අතර පහන් පුජාවට අවශ්‍ය තෙල් මහනුවර නාථ දේවාල භූමියේදි බෙදාදීම පෝයට පෙරදින සවස සිදු කෙරේ. කීර්ති ශ්‍රී නරේන්ද්‍රසිංහ රජතුමා කළ පටන් පවත්වාගෙන එනු ලබන මෙම මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේ වසරේ සිදුකරන සතර මංගල්‍යයයෙන් එකකි. රටේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් පවත්වන කාර්තික මංගල්‍යය දින දල්වන පහන් තෙල් ශී‍්‍ර දළදා මාලිගාවෙන් සපයනු ලබන්නේය. කාර්තික මංගල්‍යය පෙරහර ඉල් පෝදා ශ්‍රී දළදා මාලිගාව අභියසයෙන් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ සංචාරය කරනු ඇත. පහන් දැල්වීමට අවශ්‍ය තෙල් මහනුවර සතර දේවාල ප්‍රධාන විහාරස්ථානවලට සැපයීම සිදුකෙරෙන්නේ ශ්‍රී නාථ දේවාල භූමියේදීය.