Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹ 13, කොටහේන වීදිය අංක 97 හි පදිංචි එන්.එස්.සිවයොගන් දරුණූ වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය තිබේ. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකතන අංක - 0722787116 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ .


වකුගඩු දෙකම ක්‍රියා විරහිත තත්වයේ පසුවන දැනට කොළඹ ජාතික රෝහලේ වකුගඩු සායනයේ ප්‍රතිකාර ලබන දෙදරු පියෙකුට බද්ධ කිරීම සඳහා බී හෝ ඕ පොසිටිව් රුධිර වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0724382427 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


දෙනියාය, පල්ලේගම, අළුඕවිට වත්ත හි, පදිංචි ටී.ජේ.සුදේශ් චන්දන (35) දැනට වසර කීපයක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුගේ දකුණූ පස වකුගඩුව ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ඇත. අනෙක් වකුගඩුවද ශීීඝ්‍රයෙන් අක්‍රිය වන බැවින් ඒ සඳහා හැකි ඉක්මණින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසා ඇති අතර ඊට විශාල මුදලක් වැය වන බවද පවසයි. ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ දිවි ගෙවන ඔහුට උපකාරයක් රෝගියා අපේක්ෂා කරයි. ආධාර මුදල් මහජන බැංකුව, දෙනියාය ශාඛාවේ ගිණුම් අංක 132200140015248 වෙත බැර කරන ලෙසත් වැඩිදුර විස්තර 0778659672/0725013688/0713799794 විමසන ලෙසත් ඉල්ලීමක් කරයි.