Print this Article


ජනපති සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක්

ජනපති සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක් ඉකුත් දා (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. “පිරිවෙන් අධ්‍යාපන පුනර්ජීවන 2014 – 2015 මැයෙන් එය සංවිධානය කර තිබිණි. දිවයිනම නියෝජනය වන පරිදි පිරිවෙන් ආචාර්යවරු පන්දහසක පමණ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ඔවුහු එහිදී ජනාධිපතිතුමා වෙත තම ප්‍රණාමය පුද කර සිටියහ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍යවරුන්වන බන්දුල ගුණවර්ධන, එස්.බී.නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් සිල්වා