UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 02

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 02

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

01. “ලෝවැඩ සඟරාව” නම් කාව්‍ය රචනා කරනු ලැබුයේ

(1) වෑත්තෑවේ මා හිමියන්ය (2) රණස්ගල්ලේ මාහිමියෝය (3) වීදාගම මාහිමියෝය (4) තොටගමුවේ රාහුල මාහිමියෝය

02.තුන්තරා බෝධියට අයත් එක් එක් බෝධි ඵලය ලබා ගැනීම සඳහා පිරිය යුතු ගුණ ධර්ම හඳුන්වනු ලබන්නේ

(1) පාරමිතාය (2) උප පාරමිතාය (3) පරමත්ථපාරමිතාය (4) අභිනිහාර ධර්මය

03. අප මහ බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන පාරමිතාව පිරූ බව සඳහන් වන ජාතක කතාවකි.

(1)තේමිය ජාතකය (2) වණ්ණුපථ ජාතකය (3) ලෝමහංස ජාතකය (4) මඛාදේව ජාතකය

04. බුද්ධිමත්ව සිතා බලා, ඇලීම් ගැටීම් දෙකින් තොරව ලෝක ධර්මයට මැදිහත්ව මුහුණ දීම යනු

(1) කරුණාවයි (2) උපේක්ෂාවයි (3) මුදිතාවයි (4) මෙත්තාවයි

05, ගුණ – නැණ දියුණුවේ ඉහළම කෙළවර වශයෙන් හඳුන්වනු ලබන්නේ

(1) බුද්ධත්වයයි (2) පසේ බුද්ධත්වයයි (3) මහ රහත් බවයි (4) අනාගාමී බවයි.

06. බුදු දහමට අනුව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ක්‍රියා කළ යුතුය. යෝනිසෝ මනසිකාරය යනු

(1) බුද්ධිමත්ව සිතා බැලීමයි (2) තමන් ගැන සිතා බැලීමයි (3) අනුන් ගැන සිතා බැලීමයි (4) මධ්‍යස්ථව සිතා බැලීමයි

07. ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ අඩංගු ගාථා ප්‍රමාණය

(1) 223 කි. (2) 550 කි (3) 423 කි. (4) 426 කි.

08.බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන ඕවාද ප්‍රාතිමෝක්ෂයට ඇතුළත් ගාථාවකි.

(1) “චරං චෙ නාධී ගච්ඡෙය්‍ය” (2) “උට්ඨාන වතෝ සතිමතො” (3) “ආරභථනික්ඛමථ” (4) “සබ්බ පාපස්ස අකරණං”

09. සීල, සමාධි, ප්‍රඤ්ඤා යන කරුණු හඳුන්වනු ලබන්නේ

(1) ත්‍රිවිද්‍යා (2) ත්‍රි ශික්ෂා (3) ත්‍රි ලක්ෂණය (4) ත්‍රිවිධ බෝධි යනුවෙනි

10. “නහීවේරෙන වේරානි” යන ධම්ම පද ගාථාව අයත් වන්නේ කවර වග්ගයටද? (1) බාල වග්ගයට (2) අප්පමාද වග්ගයට (3) බුද්ධ වග්ගයට (4) යමක වග්ගයට

11. මාලිගාකන්දේ විද්‍යෝදය මහපිරිවෙන ඇරැඹීම සඳහා මූලික වූ මහා පඬිරුවනකි.

(1) පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

(2) පූජ්‍ය මිගෙට්ටු වත්තේ ගුණානන්ද නා හිමි

(3) පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක නා හිමි

(4) පූජ්‍ය වැලිවිට සරණංකර නා හිමි

12. මහාබෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව බේරා ගැනීමට පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ වීරවරයෙකි.

(1) සර් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා (2) වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා (3) සර්.ඩී.බී.ජයතිලක මැතිතුමා (4) අනගාරික ධර්මපාලතුමා

13.බෞද්ධ දරුවන් සඳහා බෞද්ධ පාසල් ආරම්භ කිරීම සඳහා පියවර ගනු ලැබුයේ

(1) අනගාරික ධර්මපාලතුමාය (2) ඕල්කට්තුමාය (3) වලිසිංහ හරිස්චන්ද්‍රතුමාය (4) සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාය

14. නාම රූප ධරුම හෙවත් පංචස්කන්ධය දෙස ගැඹුරින් බැලීම සිදුකරණ භාවනාව

(1) සමථ භාවනාවය (2) විපස්සනා භාවනාවය (3) පිළිකුල් භාවනාවය (4) ආනාපානසති භාවනාවය

15. පංච නීවරණ ධර්මයන්ට අයත් නොවන කරුණකි

(1) කාමච්ඡන්ද (2) ව්‍යාපාද (3) සීලබ්බත පරාමාස (4) විචිකිච්ඡා

16. සමථ භාවනාව දියුණු කිරීමෙන් පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත් තාපසයෙක් වන්නේ

(1) ආළාරකාලාම තවුසාය (2) උද්දකරාමපුත්ත තවුසාය (3) අසිත තවුසාය (4) කොණ්ඩඤ්ඤ තවුසාය

17. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන දොරටු පහ හඳුන්වන්නේ

(1) කාම වස්තු යනුවෙනි (2) රූප වස්තු යනුවෙනි (3) නාම වස්තු යනුවෙනි (4) ඉන්ද්‍රිය වස්තු යනුවෙනි

18. සමථ භාවනාවේදී අරමුණම මෙනෙහි කරනු ලැබේ. ඒ සඳහා යොදා ගත හැකි අරමුණු

(1) 10 කි (2) 20 කි (3) 40 කි (5) 32 කි

19. “තුන්ලොව තතුලෙසට

දැනගෙන නොදත් මෙලොවට” යන පද්‍ය අයත් වන කාව්‍ය ග්‍රන්ථය වන්නේ

(1) බුදුගුණාලංකාරයයි (2) ලෝවැඩ සඟරාවයි (3) සිරිත්මල්දමයි (4) සුභාෂිතයයි

20. පටිච්ච සමුප්පාද ධර්මයට අයත් ධර්ම කරුණු සංඛ්‍යාව

(1) 8 කි (2) 12 කි (3) 16 කි (4) 24 කි

පිළිතුරු

01.(3) වීදාගම මාහිමියෝ

02. (1) පාරමිතා

03. (1) තේමීය ජාතකය

04.(2) උපේක්ෂාවයි

05.(1) බුද්ධත්වයයි

06. (1) බුද්ධිමත්ව සිතා බැලීමයි

07.(3) 423 කි

08. (4) “සබ්බ පාපස්ස අකරණං”

09. (1) ත්‍රිවිද්‍යා

10.(4) යමක වග්ගයට

11. (1) පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

12. (4) අනගාරික ධර්මපාලතුමා

13. (2) ඕල්කට්තුමා

14.(2) විපස්සනා භාවනාව

15. (3) සීලබ්බත පරමාස

16. (3) අසිත තවුසා

17. (1) කාම වස්තු යනුවෙනි

18. (3) 40 කි

19. (1) බුදුගුණාලංකාරය

20.(2) 12 කි

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]