Print this Article


හෙයියන්තුඩුව පුරාණ විහාරය

හෙයියන්තුඩුව පුරාණ විහාරය


අභිනවයෙන් ඉදිවූ ඝණ්ඨාර කුලුන සහිත සුවිසල් වාහල්කඩ

හෙයියන්තුඩුව පුරාණ විහාරය රාජමහා විහාරස්ථානයකට උරුමකම් කියන පෞරාණික පුද බිමකි. නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට නෑකම් කියන බිතු සිතුවම් වලින් හා සුවිසල් බුද්ධ ප්‍රතිමාවකින් සමන්විත බුදු මැදුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත විහාරාධිපති ශී‍්‍ර ධීරානන්ද පරිවෙනාධිපති මුළු දිවයිනටම සාමවිනිසුරු ගෞරව ශාස්ත්‍රවේදි ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ සියනෑ කෝරළයේ සංඝනායක වැලමිටියාවේ විමලකීර්ති ශ්‍රී පේමරතන ශීලරතනාභිධාන නා හිමිපාණන් වහන්සේගේ උපදෙස් මත දැනට නවීකරණය වෙමින් පවතී.

එම විහාරස්ථානයේ ඉදිකර තිබෙන පෞරාණික ශ්‍රී විෂ්ණු දේවාලයද එවක රජ කළ දෙවන රාජසිංහ රජු විසින් ඉදිකර සඟ සතු කොට පූජා කළ එකකැයි සඳහන් වෙයි. එහි ඉතිහාසය හෙයියන්තුඩුව යන ග්‍රාමයට ලැබුණු අයුරු දැක්වෙන ඉතිහාස කතාව හා සැසඳෙයි. ඒ අනුව හෙයියන් යනු මී ගවයින් වන අතර, එවක රජකළ, දෙවන රාජසිංහ රජු සිය හේවායින්ට කිරි ලබාදුන් මී ගවයින් ගාල්කළ වෙල්යායට යාබද තුඩුවක් වැනි ස්ථානයක් වූ නිසා හෙයියන් ගාල් කළ තුඩුව, හෙයියන්තුඩුව වූ බවත් විටෙක ඒ මී ගවයින් හට වැළඳුනු රෝගයක් සමනය කිරීමට වූ භාරයක් සඵල වීමෙන් පසු එම භාරය ඔප්පු කිරීම සඳහා ඉදිකළායැයි සැලකෙන ශ්‍රී විෂ්ණු දේවාලය අදද එලෙසින්ම පැවතීම මෙහි ඇති සුවිශේෂතාවයි මෙලෙසින් රාජකීයත්වයට දේවත්වයට හා පූජනීයත්වයට පත් හෙයියන්තුඩුව පුරාණ විහාරය විවිධ මං ඔස්සේ නවීකරණය වීමට පත් වී තිබීම වර්තමානයේ බොහෝ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී තිබීම සතුටට කරුණකි.

වාහල්කඩට අදාළ යකඩ දොරටුව විවෘත කළ අවස්ථාව
අධිකරණ සංඝ නායක පානකාවේ පේමරතන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ගාථා සජ්ඣායනා කරද්දි ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතියේ ලේකම්වරයා ඇතුළු සාමාජික පිරිස පැන් වැඩූ අයුරු.

වර්තමාන විහාරාධිපතින් වහන්සේගේ වැඩම වීමත් සමඟ ඉදිවූ සුවිශල් බෝධි ප්‍රාකාරය සියලු වෘක්ෂයන් සහිතව ස්ථාපිත වු අටවිසි බුදු රූ පෙළ නව ග්‍රහ දේවාල සංකීර්ණය සහ රජවරුන්ගේ ප්‍රතිමා තැනීමද ඇතුළු විවිධ අංගෝපාංගයන් උන්වහන්සේගේ අප්‍රතිගත කැපවීම මත සිදු කළ විහාරාංග අතර වේ.

ඊට අමතරව විහාරස්ථානයේ පවත්වාගෙන යන දායක සභාව තරුණ බෞද්ධ සමිතිය, ශ්‍රී පියදස්සි දහම් පාසල ඇතුළු පොදු සේවා සමිති වලද අනුග්‍රහයෙන් පුරාණ විහාරය අද ලබා ඇති දියුණුව අති විශාලය.

මේ අතර මෙම විහාරස්ථානයේ පැවති පැරුණි ඝණ්ඨාර කුලුන වෙනුවට නවීකරණය වූ ඝණ්ඨාර කුලුනක් සහිත වාහල්කඩක් හෙයියන්තුඩුව ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතිය මගින් ඉතා සුවිසල් හා මනරම් ආකාරයෙන් ඉදිකොට නිමවා සඟසතු කොට පූජා කිරීමේ උළෙලක් පසුගියදා බොහෝ ගිහි පැවිදි ප්‍රභූ පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික චාරිත්‍රානුකූලව සිදුකෙරුණි.

දින 99 ක් වැනි කෙටි කාලයකින් සාදා නිමකර පුජා කිීරීමට ඩී.සී.ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතිය ගෙන තිබූ පරිශ්‍රමයේ ප්‍රතිඵල පිළිබඳ ප්‍රසාදයද හිමිවේ. එහි ලේකම් ජයසිංහ ගනේගොඩ මහතා පැවසු පරිදි ඒ සඳහා පුරාණ විහාරස්ථානයේ මහ සඟරුවනද ගම්වාසීන් හා පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණූ ශ්‍රමදායකත්වයෙන් මෙම ඉදිකිරීම් කඩිනම් කර ගැනීමට හේතුවු බවයි.