UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදරණීය දුවේ පුතේ

ආදරණීය දුවේ පුතේ

සත්‍යය වචනය

එක්තරා පියෙක් තම පුතාගෙන් මෙතරම් ප්‍රමාද වුණේ ඇයි? කොහි ගියා ද ? යි විමසුවා. මං යහළුවන් සමඟ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා යැයි පිළිතුරු දුන්නා. ඒ සමඟ ම ඔහුගේ මිතුරෙක් ගෙදරට ආවා. කොහොම ද දැන් බලාපු කරාතෙ ෂෝ එක ? මරු නේ? මට අමතක වුණා ඔයාගෙ ඔරලෝසුව දීල යන්න ඒකයි ආපසු ආවේ. ඔහු කිව්වා. එතකොට තාන්තා දැනගත්තා තම පුතා බොරුවක් කියු බව, තාත්තා ඔහුට දොස් කිව්වේ චිත්‍රපටිය බලන්න ගියපු එකට නෙවි බොරු කියපු එකට.

බොරු කියලා රවටනවාට කිසි කෙනෙක් කිසිසේත් කැමැති නැහැ. ඒකෙන් වංචනික බවයි තහවුරු වෙන්නේ. බොරුවෙන් මුලාවට පත්වන්නා අසීරුතාවලටත් පත් වෙනවා. වැරදි වටහාගැනීම් ඇති වෙනවා. කරදරයට පත් වෙන්නත් පුළුවන්. පාර දන්නේ නැති කෙනෙකුට බොරුවක් කියමින් වැරදි පාරක් කිව්වොත් ඔහු කොතරම් අපහසුතාවකට පත්වෙන්න පුළුවන්ද? ඒ නිසා බොරු කීම අහිතකරයි.

බුදු දහමට අනුව මුසාවාදය නරක වරදක්. විහිළුවට කියන පුංචි බොරුවේ ඉඳලා ඉතා බරපතළ බොරුව දක්වා තත්ව තියෙනවා. භික්ෂූන් වහන්සේලාට පනවා තිබෙන ශික්ෂා පද අනුව ඒ බව තේරුම් ගන්න පුළුවන්. වැඩි ගැටලුවක් ඇති නොවෙන ආකාරයේ බොරුවක් කිව්වාම “පචිති” කියන කුඩා ශික්ෂා පදයක් කඩවීමක්. තමන්ගේ ළඟ නැති ධ්‍යාන මාර්ගඵල ඇති විදියට කතා කළොත් “පාරාජිකා” කියන ඉතා බරපතළ වරදක්. කොහොම වුණත් දැන දැන බොරු කීම පිරිහීමට හේතු වන බව පරාභව සූත්‍රයේ සඳහන් වෙනවා. එසේම බොරු කියන පුද්ගලයාට කරන්න බැරි වරදක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

බොරුවෙන් අනුන් රවටන්නා තමන්ම රැවටෙන බව ලස්සන සංස්කෘත කතාවකින් කියවෙනවා. ගවයන් බලාගන්න ගොපල්ලෙක් අවට ඉන්න අය රවට්ටන්න හිතාගෙන මෙන්න කොටියෙක්! මෙන්න කොටියෙක්! කියා කෑගැහුවා. මිනිසුන් කැතිපොලු අරගෙන ගොපල්ලා බේරා ගන්නා ආවා. ඔහු මිනිසුන්ට හිනා වුණා.තව දවසක් ඔහු එහෙම කළා. එතකොට මිනිසුන් ටික දෙනෙක් පමණක් ආවා. ඔහු ඔවුන්ටත් හිනා වුණා. එක දවසක් ඇත්තටම කොටියෙක් ආවා. එදා ගොපල්ලා බියෙන් ම මෙන්න කොටියෙක්! කියා කෑගසුවා. කිසිවෙක් ඔහුගේ උදව්වට ආවේ නැහැ. කොටියාට ඔහු ගොදුරු වුණා.

නිතර බොරු කියන කෙනකු කොතරම් ඇත්තක් කිව්වත් අනෙක් අය විශ්වාස කරන්නේ නැත. කෙනෙකු කියන දේ අනෙක් අය විශ්වාස කරන්නේ නැති වුණාම ඔහුට කොතරම් මානසික පීඩාවක් ඇති වෙනවාද? ගණන් ගන්නේ නැති පුද්ගලයකු බවට පත් වුණාම කෙතරම් මදිකමක්ද? ඒ නිසා බොරු කියන්නකු බොරුකරන්නකු ලෙස හංවඩු ගැහෙන එක පුද්ගලයකුට මදිකමක්. බොහෝ විට බොරුකාරයා වංචාකාරයා , යන නරක වචනවලින් ඔහු හඳුන්වනු ලබනවා. ඔවුන් සමඟ ගණුදෙනු කරන්න කවුරුවත් කැමති නැහැ. ආශ්‍රයටත් කැමැති නැහැ. උදව්වක් උපකාරයක් වත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොරු කීම අවාසිදායකයි.

නියත විවරණ ලැබුණාට පස්සේ බෝධිසත්වවරුන් බොරු නො කියන බව බණ පොත්වල කියවෙනවා. ඒ නිසා ම බුදුවරුන්ගේ වචනය ඉතා බලසම්පන්න වෙනවා. ඇත්ත කතා කරන පුද්ගලයාගේ වචන පවා බලසම්පන්නයි. සත්‍යයට ලොකු ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි සත්‍යක්‍රියා කිරීමෙන් යම්කිසි හොඳක් වෙන්නේ. සත්‍යම් ජයති නාතෘතම් කියා සංස්කෘත කියමනක් තියෙනවා. එහි අදහස ඇත්ත ජයගනී. බොරුව පරදී.

 

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]