Print this Article


තලංගම සුබෝධාරාමයේ පින්කම්

තලංගම සුබෝධාරාමයේ පින්කම්

මාලබේ තලංගම උතුර සිරි සුබෝධාරාමයේ කඨින පින්කම නිමිත්තෙන් ඔක්තෝබර් 1 වන දින සිට 10 වන දින දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. ඒ අනුව 1 වන දා සිට දිපපතා පස්වරු 6.30 පිටිගල විජිත හිමි, 2 වන දා මාපලගම භද්ධිය හිමි, 3 වන දා හංවැල්ලේ ධම්මාලෝක හිමි, 4 වන දා බණ්ඩාරවෙල අමිතානන්ද හිමි, 5 වන දා බොරැල්ලේ කෝවිද හිමි, 6 වන දා ශාස්ත්‍රපති පරපාමුල්ලේ සිරිවිමල හිමි, 7 වන දා රුක්මලේ ධම්ම කිත්ති නා හිමි, 8 වන දා මුලටියන සිරිධම්මසේන හිමි, 9 වන දා පණ්ඩිත වරකාපැලහේනේ සුගතඥන හිමි, 10 වන දා මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන නාහිමි විසින් පවත්වනු ලැබේ. ඔක්තෝබර් 11 වන දින රාත්‍රී 9.30 ට මහා පිරිත් දේශනය ආරම්භ වේ. එදිනම රාත්‍රී 12 ට පමණ කඨින චීවරය රැගත් පෙරහර ගමවටා වීථි සංචාරය කොට 12 වන දින උදෑසන විහාරස්ථානයට පැමිණීමට නියමිතය. 12 වන දින උදෑසන දරුවන් කිහිප දෙනෙකු සසුන්ගත කෙරේ. පින්කම් මාලාව විහාරාධිපති ශාස්ත්‍රවේදී මුලටියන සිරිධම්මසේන යන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.