කිරි වෙහෙර සෑ වන්දනාව 
			සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය 
			
			 
			ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ සිරි 
			ඤාණිස්සර මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජයවර්ධනපුර, සිළුමිණි 
			විහාරාධිපති, මහමෙවුනාවේ මංගල හිමියන් විසින් මෙම මස 27 සෙනසුරාදා 
			සැඳෑවේ සිට (පසුදා) 28 වන ඉරිදා අලුයම දක්වා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය 
			කතරගම කිරි වෙහෙර සෑ මලුවේ දී පැවැත්වේ. සෙනසුරාදා (27) සවස 07 ට 
			අෂ්ඨපල බෝධි පූජාවද, සවස 08 ට මහා කප්රුක් පලඳනාවද, මල් පුන් කලස් 108 
			ක් හා ඖෂධ 108 ක පූජාව, සුවඳ දුම් හා සුවඳ කල්ක පූජාව, අට පිරිකර, අඳන 
			හා සිවුරු පිරිකර සහිත කල්ප වෘක්ෂ පූජාව,ශබ්ද පූජාව හා අෂ්ඨපාන ගිලන් 
			පස පූජාව අවසානයේ කිරි වෙහෙර මහ සෑ වන්දනාව සිදු කෙරේ. රාත්‍රී 10 සිට 
			පසුදා අලුයම 05 දක්වා මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වේ. ඉරිදා 
			උදේ 5.30 ට (28) කිරි ඉතිරවීම හා කිරි ආහාර පූජාව පැවැත්වේ.  
   |