UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද නාරම්මල කලුන්දාව සුදර්ශනාරාම විහාරස්ථානයේ දෙමහල් ටැම්පිට විහාරය සහිත පොහොය සීමාව පසුගියදා සංස්කෘතික හා කලාකටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අතින් විවෘත විය. අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ටැම්පිට විහාරය විවෘත කළ අයුරු. වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක කඩහපොල පේමානන්ද, විහාරාධිකාරී කල්එළියේ ධම්මපාල යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද එම අවස්ථාවට සහභාගි විය.

මල්වතු අස්ගිරි, අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ අනුශාසනා පරිදි විහාරාධිපති මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමියන්ගේ උපදෙස් පරිදි බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා විසින් මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට සහිත බෝධි ප්‍රාකාරය නොබෝදා විවෘත විය. සතර දේවාල අතර මුල්තැනක් ගන්නා ශ්‍රී නාථ දේවාලයේ මෙම අභිනව බෝධි ප්‍රාකාරය දායක පින්වතුන්ගේ සහ දහම් පාසල් ශිෂ්‍යයන්ගේ ආධාර ඇතිව නිම කළ බවත් විහාරාධිපති ගොමගොඩ රතනසාර නාහිමියෝ සඳහන් කරති. ඡායාරූප - කේ. බණ්ඩාරනායක

උණවටුන බෝධිරාජ දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිල ලාංඡන පැළඳීමට පෙර තම මව්පියයන්ට නමස්කාර කළ අයුරු. උණවටුන – දීපාල් පෙරේරා

 
 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]