Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 20, ප්‍රේසර් ඇවනිව් දෙහිවල පදිංචි (54) ආදී රාජකීයකු වූ විපුල සරත් බණ්ඩාර යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇතැයි කියති. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 0778190248 හෝ 0771 380506 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
 


මොදරවාන, කදුරුලියද්ද, “රත්න සෙවන” හි පදිංචි (40) එක්දරු පියෙකු වූ පාලිතරත්න සමරසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ඒ පොසිටිව්, ඒ නෙගටිව් හෝ ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය එන්.කේ. රත්නමලල මහත්මිය නිර්දේශ කර ඇතැයි කියති. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු වෙතොත් දුරකථන 077 4644758, 0766874140, 071 2245086 අංකයන්ට දන්වන ලෙසත් ඖෂධ සඳහා මුදල් ආධාර ලබාදීමට කැමති පින්වතුනට ඇඹිලිපිටිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අංක 1001 3800 4668 දරන ගිණුමට මුදල් බැර කරන ලෙසද ඉල්ලීමක් කරයි.


දොඩංගොඩ, නාගොඩ, මතුගම පාර ගල්වල හන්දිය හි පදිංචි පී.එච්. ආරියතිලක යන අය වකුගඩු රෝගයකට ගොදුරු වී ඇති බව වෛද්‍ය ලැනරෝල් මහතා දන්වා ඇතැයි කියති. ඔහුට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් දීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉහත ලිපිනයට දන්වන ලෙසද වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර කළුතර ඉතිරිකිරීමේ බැංකුව ගිණුම් අංක 100120680630 බැර කරන ලෙසද ඉල්ලීමක් කරයි.