Print this Article


තායිලන්තයේ ධම්මාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම

තායිලන්තයේ ධම්මාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම

මෙරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සිරිලකට වැඩමවූ සියම් ජාතික උපාලි හිමියන් වැඩ සිටි ධර්මාරාම රජමහා විහාරය මුල් කරගෙන පනන් ජයන් රජ මහා විහාරය හා තා කා රෝන් විහාරය යන විහාරස්ථාන ආශ්‍රයේ මෙවර ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් වස් වසවා ඇත.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ඇතිව අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගා රාජ මහා විහාරවාසී පොළොන්නරු සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජනරාල් ශාන්ත කොට්ටගොඩ මහතාගේ අධීක්ෂණයෙන් එම කෘතගුණ සැලකීමේ ශ්‍රී ලාංකික කඨින මහා පින්කම සහ ඒ හා බද්ධ වූ පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම පින්කම් සඳහා තායිලන්තයේ අයුත්‍යා ප්‍රාන්තයේ ආණ්ඩුකාර විතායා පෙව්පොන්ග් මැතිතුමා ප්‍රධාන තායිලන්ත දායක පිරිස් ද ශ්‍රී ලංකා ජනරජයේ සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායක මැතිතුමා ප්‍රධාන ශ්‍රී ලාංකික ආරාධිතයන් පිරිස්ද මහාචාර්ය ජේ.බී. දිසානායක මැතිතුමා ඇතුලු සම්භාවනීය උගතුන්ගෙන් පිරුණු මෙරට ජනයාගෙන්ද එම පින්කම සරු වන්නේ ය. තායිලන්ත වැසියන් මෙරටට පැමිණීමද මෙරට වැසියන් තායිලන්ත වන්දනාවේ යාමද වැඩි වී තිබේ. දෙරට අතර ඇති ආගමික ගනුදෙනු මනා ලෙස හසුරුවන්නට අපේ රටේ සංස්කෘතික ඇමැතිතුමාද තායිලන්තයේ අයුත්‍යා ප්‍රාන්ත ආණ්ඩුකාරතුමාද කටයුතු කරමින් සිටී. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට අක්කර 8 ක භූමි භාගයක් ශ්‍රී ලංකා ජනරජයට අයුත්‍යාවෙන් වෙන් කර ඇත්තේ ශ්‍රී ලාංකික විහාරස්ථානයක් ආරම්භ කිරීමටයි. අයුත්‍යා නගරය සහ ශ්‍රී ලංකාවේ මහනුවර නගර සහෝදර නගර ලෙස ද තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකාවත් තායිලන්තයත් අතර ඇති අති විශිෂ්ටම බැඳීම වන්නේ සම්බුදු දහමින් පෝෂණය වූ ශාසනික බැඳීමයි. වසර 261 කට ප්‍රථම අපට ලැබුණ දායාදය සිහි කිරීමට මෙවර ඔක්තෝබර් මස 28 සහ 29 දිනවල තායිලන්තයේ අයුත්‍යා හි ධම්මාරාම රජ මහා විහාරය මුල් කරගෙන කඨින මහා පින්කම සහිත පින්කම් රැසක් පැවැත්වේ.

මේ සියල්ලම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජනරාල් ශාන්ත කෝට්ටගොඩ මැතිතුමාගේ අධීක්ෂණයෙන් තායිලන්තයේ බැංකොක් නගරයේ ඛ්.ම්.ඡ්යධබඪජ ඹ්චදඬච ර්‍ථඍඊ. ඹ්බඤ සහ ශ්‍රී ලංකාවේ ස්ටැන්ලි තිලකරත්න මාවතේ ඛ්.ම්. ඊපචමඥතඵ ඹ්චදඬච. ර්‍ථමබ. ඹ්බඤ හි අධිපති චන්දන කුසුමසිරි මහතා දායකත්වය දරනු ලබයි.

තායිලන්තයේ අයුත්‍යා නුවරදී පැවැත්වෙන රාජකීය කඨින මහා පින්කම් පිළිබඳ මාධ්‍ය හමුවක් ඉකුත් දා කොළඹ දී පැවැත්විණි. ඊට මහාචාර්ය ජේ.බී. දිසානායක, තායිලන්තයේ අයුත්‍යා ප්‍රාන්තයේ ආණ්ඩුකාර විතයා පෙව්පොන්, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රපේම ගමගේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ, සී.කේ. ට්‍රැවල්ස් ලංකා පුද්ගලික සමාගමේ සභාපති චන්දන කුසුම්සිරි, ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයේ කවුන්සලර් නටිනපන්ඩම් රොන්සුන් තොන්වායි, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ලේකම්වරිය ලලිතා බුන්තායිවන් මෙනවිය ඇතුළු මහත්ම මහත්මීහු ඊට එක්වූහ.