Print this Article


වැලිකන්දට සදහම් චාරිකාවක්

වැලිකන්දට සදහම් චාරිකාවක්

නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ මාතර කිතලගම සිරි සීලාලංකාර නාහිමියන්ට අයත් පුදබිමකි ශ්‍රී බෝධිරාජාරාමය.

දුටුගැමුණු මහරජතුමා පූනානි සටනින් ජය ලබා කඩවතමඩුව දිඹුලාගල හරහා ආපසු අනුරාධපුරය බලා යන ගමනේ දී ඓතිහාසික පුරාණ බෝධීන් වහන්සේ එහි රෝපණය කළ බව ජනප්‍රවාදයේ කියැවේ. දැනට එහි වැඩ සිටින ඉඩම්පිටියේ වජිරාලංකාර හිමියන්ගේ ධෛර්යය හා කැපවීම නිසා දායකයින්ගේ මෙන්ම දානපතියන්ගේද උපකාරයෙන් ගොඩනැගීමට සැලසුම් කර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේට පූජා කිරීම සඳහා කොළඹ සැදැහැවත් පිරිසක් විසින් කොත් වහන්සේ වැඩම කරවීමේ පෙරහරක් පසුගිය 07 වැනිදා මනම්පිටිය පාලම අසලින් සිදුවිණ. කඩවතමඩුව පුරාණ ශ්‍රී බෝධිරාජාරාමය දක්වා වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, වැලිකන්ද පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සහායෙන් මෙම කටයුතු සිදුවිය.