Print this Article


හොරණ පඤ්ඤාසේකර නා හිමියෝ අපවත් වෙති

හොරණ පඤ්ඤාසේකර නා හිමියෝ අපවත් වෙති

ත්‍රිපිටක විශාරද ශ්‍රී මේධංකර රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක හොරණ රාජ මහා විහාරාධිපති හොරණ පඤ්ඤාසේකාරාභිධාන නායක හිමිපාණන් වහන්සේ අනූහය වසරක් ආයු වළඳා 2014 අගෝස්තු මස 07 දින උදේ අපවත් වී වදාළහ.

1933 අගෝස්තු මස 10 වන දින හොරණ පඤ්ඤාසේකර නමින් පැවිදි දිවියට සපැමිණි නාහිමිපාණන් විද්‍යාරත්න පිරිවෙනින් උගත මනා බණ දහම් හැදෑරූහ. නොබෝ කලකින් ප්‍රාචීන පණ්ඩිත උපාධිය මෙන්ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගත්හ.

හොරණ රාජ මහා විහාරයේ විහාරාධිපති විද්‍යාරත්න පිරිවෙන්හි කෘත්‍යාධිකාරී ලන්ඩන් තේම්ස් විහාරයේ ආගමික අධ්‍යක්ෂ සහ හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධූරයන් ද හෙබවූහ. හොරණ පඤ්ඤාසේකර නාහිමිපාණන් ඉංගී‍්‍රසි සිංහල භාෂාද්වයෙන් ග්‍රන්ථ කිහිපයක්ම පළ කළහ. නාහිමිපාණන්ගේ අවසාන කැමැත්ත පරිදි ශ්‍රී දේහය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාල පීඨයට අගෝස්තු 8 වැනිදාට භාරදීමට නියමිතව තිබිණි. ආගමික කටයුතු 8 දා උදේ 9.00 ට හොරණ රාජ මහා විහාරස්ථ භූමියේ දී පැවත්විණි. ශ්‍රී දේහය රැගත් රිය පෙරහර එදින දවල් 12.00 ට හොරණ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා පිටත් විය.