Print this Article


තාවකාලික පැවිද්ද සහිත භාවනා දෙසති පුහුණුවක්

තාවකාලික පැවිද්ද සහිත භාවනා දෙසති පුහුණුවක්

තායිලන්තයේ අයෝධ්‍යාහි ජාත්‍යන්තර භාවනා පුහුණු වැඩසටහනක් සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ පිරිසකට සහභාගිවන ලෙස ඇරැයුම් ලැබී ඇති බව තායි – ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති රාස්සගල සීවලී හිමියෝ පවසති.

වයස අවුරුදු 55 ට අඩු පිරිමි අයට තාවකාලික පැවිද්ද ලබාදී සිදු කැරෙන භාවනා පුහුණුව සඳහා එරටේ ගතකරන සති දෙකක පමණ කාලය තුළ සියලුම පහසුකම් සැලසීම එම ආයතනය මඟින් සිදු කරනු ලබයි. මෙම නොවැම්බර් අවසන් සතියේදී සිදුකැරෙන එම වැඩසටහනට සහභාගිවීමට කැමති අය හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති රාස්සගල සීවලී හිමියන් හමුවී හෝ 0112488196 -2488197 ඇමතීමෙන් විස්තර දැනගත හැකි බව කියයි.