Print this Article


ත්‍යාග ප්‍රදානය 20 වනදා

ත්‍යාග ප්‍රදානය 20 වනදා

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය මගින් 2013 වසරේ සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය මෙම මස 20 වනදා සවස 2.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කැරෙන බව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද හිමියෝ “බුදුසරණ”ට පැවැසුහ.