Print this Article


කළුතර ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ පින්කම්

කළුතර ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ පින්කම්

කළුතර, වස්කඩුව, දෙදියවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට වසර 150 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 150 වෙනි විහාර ජයන්ති පුණ්‍ය මහෝත්සවය මම 17 වැනිදා පැවැත්වීමට විහාරාධිපති කළුතර ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක සහ ඛෙත්තර විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි නා හිමියෝ කටයුතු යොදා ඇත.

අගෝස්තු 17 වැනිදා සවස 150 වැනි විහාර ජයන්ති වාහල්කඩ විවෘත කිරීම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහනායක රුක්මලේ ධර්මවිජයාලෝක විහාරාධිපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක හිමියන් හා බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

අගෝස්තු 18 දා සිට අගෝස්තු 27 දින දක්වා දිනපතා පස්වරු 6.30 සිට රාත්‍රි 8 දක්වා විශේෂ බෝධිපූජා සහ ආරාධිත විශේෂ ධර්ම දේශනා රාශියක් පැවැත්වේ. වහල්කඩ විවෘත කිරීමෙන් අනතුරුව විහාර මාවතේ නව විදුලි පහන් කණු විවෘත කිරීම, විහාරස්ථානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ ගිහි පින්වතුන්ගේ ආරම්භ නම් ඇතුළත් ස්මාරක චතුරස්‍රයක් විවෘත කිරීම, වෛත්‍ය මලුවේ නව විදුලි පහන් විවෘත කිරීම, පිළිමගෙය තුළ ප්‍රතිමා වහන්සේට මල් පූජාකිරීම ඇතුලු පින්කම් රාශියක් 18 වැනිදා සිට 30 දක්වා පැවැත්වේ. 28 වැනිදා සර්වරාත්‍රික පිරිත් දේශනාවක් හා 30 වැනිදා සියක් නමක් උදෙසා දානමය පින්කමක් පවත්වා මෙම පින්කම් මාලාව අවසන් වේ.