Print this Article


කිතලගම හේමසාර හිමියන් බස්නාහිර ප්‍රධාන සංඝනායක ධුරයට

කිතලගම හේමසාර හිමියන් බස්නාහිර ප්‍රධාන සංඝනායක ධුරයට

නුගේගොඩ, මිරිහාන, විවේකාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ සමලේඛකාධිකාරී, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති කිතලගම හේමසාර හිමියන් වෙත තත් නිකායික මහා සංඝ සභාව විසින් පිරිනමන ලද “බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක” පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත, දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 09 වන සෙනසුරාදා පස්වරු 3.00 ට මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඊට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වීමට නියමිතව තිබිණි.