Print this Article


උණුවටුන වැල්ලේ දේවාලය

උණුවටුන වැල්ලේ දේවාලය

උණවටුන ඓතිහාසික වැල්ලේ දේවාලයේ වාර්ෂික ඇසළ පූජෝත්සවය මෙම මස 10 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වේ. උණවටුන යද්දෙහිමුල්ල අමරසිංහාරාමාධිපති ශාස්ත්‍රපති තල්පෙ ආරියජෝති හිමියන්ගේ අනුශාසකත්වය යටතේ වැල්ලේ දේවාල පින්කම් කමිටුව මෙම ඇසළ උත්සවය සංවිධානය කරනු ලබයි.

ඇසළ උළෙලට සමගාමීව සෑම වසරකම පවත්වනු ලබන ඇසළ පෙරහර මෙම මස 10 වන දින පස්වරු 3.00 ඓතිහාසික යටගල රාජමහා විහාරයෙන් ගමන් අරඹා ගාල්ල, මාතර මාර්ගය ඔස්සේ වැල්ලේ දේවාලයට ළඟාවීමට නියමිතය.