Print this Article


අතුරලිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ඇසළ පෙරහර

අතුරලිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ඇසළ පෙරහර

රාජ්‍ය අනුග්‍රහය ලබමින් 27 වැනි වරටත් පැවැත්වෙන අතුරලිය යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සංස්කෘතික ඇසළ මංගල්‍යය මේ මස 04 වැනි දා ආරම්භ කැරේ. පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද මෙම විහාරස්ථානයේ ගම්බාර දේවාලය මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම ඇසළ මංගල්‍යය ආරම්භ කැරෙනුයේ මල් පෙරහරකින් සහ දේව පූජාවකිනි. එය අවසන් කැරෙනුයේ අගෝස්තු 11 දා දවල් පිරිනැමෙන දේව දානයෙනි. අතුරලිය ශ්‍රී සුදර්ශන පිරිවෙන් විහාරාධිපති කරගොඩ, උයන්ගොඩ අරියසීල නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මේ විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ වත්මන් විහාරාධිපති යහමුල්ලේ අනුරුද්ධ හිමියන් විසිනි. අගෝස්තු 04 දා සිට 09 දා දක්වා දිනපතා මල් පෙරහර, බෝධි පූජා, සෙත් පිරිත් දේශනා සහ දේව පූජා පැවැත්වෙන අතර උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායික නර්ථන සහිත සංස්කෘතික අංගවලින් සමන්විත මහ පෙරහර වීථි සංචාරය කෙරෙනුයේ 10 දා පස්වරුවේ ය.