Print this Article


හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසල

හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසල


ආගමික කටයුතු වල යෙදෙන සිසු සිසුවියන්ගෙන් කොටසක්


දහම් අධ්‍යාපනය ලබන අයුරු

මෙයට වසර තිස්දෙකකට ඉහත හැඟව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගෙන පිහිටුවා ඇති ශ්‍රී සෝමානන්ද දහම් පාසල ප්‍රදේශයට මහත් ආලෝකයකි. බොහෝ අත්දැකීම් ඇති දහම මැනවින් උගත් අවබෝධ කරගත් වියත් ඇදුරු මඬුල්ලක් මෙහිදී දරු දැරියන්ට දහම් අධ්‍යාපනය ලබා දෙති.

පන්නල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් මේ දහම් තක්ෂිලාවේ ප්‍රධානාචාර්යවරයා වන්නේ ශාස්ත්‍රවේදී ආචාර්ය මාරස්සන මහින්ද ස්වාමිපාදයන් වහන්සේය. දහම් පාසල් අවසාන විභාගය දක්වා පන්ති පැවැත්වෙන මෙහි දරු දැරියෝ දෙසීයක් පමණ දහම් අධ්‍යාපනය ලබති. වාර්ෂිකව ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීම පොහෝ දිනයන්හි සිල් සමාදන් වීම වෙසක් පොසොන් ඇසළ පොහෝ දිනවල දන්සැල් ආදී සුවිශේෂී ආගමික කටයුතු කිරීමටත් ගුරු සිසු පිරිස් වෙහෙස වෙති. අපවත් වී වදාළ මාරස්සන සෝමානන්ද ලොකු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා යටතේ ඇරැඹී ඇති මෙම දහම් පාසලට හැඟව ශ්‍රී සුධර්මාරාමවාසී වාගොල්ලාකඩ ජිනානන්ද ස්වාමිපාදයාණන් වහන්සේගෙන් ලැබෙන්නේ ද නොමඳ සහායකි.

වයඹ පළාතේ කීර්තිමත් දහම් පාසලක් ලෙස නම් දරා ඇති හැඟව ශී‍්‍ර සෝමානන්ද දහම් පාසල ශාසනාරක්ෂක මණ්ඩලයේ තරගවලින් ජයග්‍රහණ රැසක්ම අත්පත් කරගෙන ඇත. සිසු නිපුණතා ඇගයීම්වලදීද කැපී පෙනෙන දස්කම් හිමිකරගෙන සිටී. ඉතාමත් නිහඬ නිසල පරිසරයක පිහිටා ඇති මෙම දහම් පාසල දහම් අධ්‍යාපනයට තෝතැන්නකි.

ජ්‍යෙෂ්ඨ ආචාර්ය විශ්‍රාමලත් විදුහල්පති සෝමදාස මහීපාල මහතා ගුණගරුක ශික්ෂාකාමී පරපුරක් රටට දායාද කිරීමේ උදාර මෙහෙවරක යෙදී සිටී. දහම් ආචාරිනී පේ‍්‍රමාවතී මහත්මිය ශිෂ්‍යාවන්ගේ විනය පිළිබඳව සුපරික්ෂාකාරීව කටයුතු කෙරෙන අතර ඇගේ කැපවීම ඉතා ඉහළ මට්ටමක පවතී.

ආචාරිනී අශෝකාගමගේ, පි‍්‍රයංගනී අධිකාරි, ලලිතා පුෂ්පකුමාරි, ඉරේෂා මධුවන්ති, නදීසා තිළිණි, හර්ෂා මධූශානි, චමිලා නිල්මිණී සහ ටචිනි යන ඇදුරුතුමියන් හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලට කරන දැවැන්ත මෙහෙවර ප්‍රදේශයේ දෙමාපියන් ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.