Print this Article


මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම

මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම

මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගීතා පදනම මඟින් ගෙවීගිය වසර කිහිපය පුරා ආදර්ශවත් උදාර සමාජ මෙහෙවරක් ඉතා අප්‍රකටව සිදුකර ඇත.

මෙරට ආර්ථික අපහසුතා ඇති ජනතාව අරමුණුකරගෙන කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම පිණිස පොදුවේ සහ පෞද්ගලිකව සහයෝගය දැක්වීම පරමාර්ථය කර ගනිමින් එම මානව සහයෝගීතා පදනම ආරම්භ කර ඇත.

එම පරමාර්ථයට අනුව එය ආර්ථික, සමාජමය, ප්‍රජාසේවා, සෞඛ්‍යය, සංස්කෘතික හා අධ්‍යාපනික ලෙස විවිධ අංශවලින් සිදු කර ඇත.

“පරත්ථං පටිපජ්ජත” යන සම්බුදු වදන සිහි කරමින් ශක්ති පමණින් ජාතික, ආගමික, සාමාජික සේවාවන්හි නිරතව වැඩ සිටින මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ ගිහි පැවිදි ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිහිටුවීම, ආගන්තුක සත්කාරයෙහි, අසරණ සරණයෙහි නිරතුරුව යෙදීම ආදර්ශවත් ක්‍රියාවකි.

සුනාමි උවදුර ඇතුළු ස්වභාවික විපත් පැමිණි විට ඊට අවශ්‍ය සහනයන් කිසිදු භේදයකින් තොරව ලබාදීමට අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු සලසා ඇත.

විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින විහාරස්ථාන වැඩිදියුණු කිරීම, ආර්ථික අපහසුතා ඇති ජනතාවගේ සෞඛ්‍ය කටයුතු නගා සිටුවීම හා මූලික වශයෙන් මූල්‍යමය ලෙස උපකාර කිරීම, බෙහෙත් ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ළමා නිවාස සහ වැඩිහිටි නිවාස සහ වැඩිහිටි නිවාස වැඩි දියුණුවට උපකාර කිරීම අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සඳහා නොදියුණු පාසල්වලට ආධාර උපකාර කිරීම, දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීම හා අලුතෙන් දහම් පාසල් ඇති කිරීම, දහම් අධ්‍යාපනය ලැබීමට දරුවන් උනන්දු කිරීම අධ්‍යාපන කටයුතු කිරීමට ග්‍රාමීය මට්ටමෙන් පෙර පාසල් පිහිටුවීම සහ පුස්තකාල ලබාදීම, උසස් අධ්‍යාපනය ලැබීමට ආර්ථික පහසුකම් නැති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආදී අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ රැසක් පෙරදැරිව මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගීතා පදනම ආරම්භ කර ඇත.

දුකට පත් අයෙකුගේ දුක දැක කාරුණිකව ඊට පිහිට වී සැපවත් දිවිපෙවෙතක් ගත කිරීමට ඊට හැකි පමණින් අත හිත ලබා දිය හැකිනම් එය පාරමී ගුණයක් ලෙස අගය කළ යුතුව ඇත.