Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දැරණියගල බණ්ඩාරවත්ත අංක ඕ1/ඒ හි පදිංචි පුනෙත්මි ජනෝද්‍යා දියණියට උපතින්ම ශ්‍රවණ ආබාධිත තත්ත්වයෙන් පසුවේ. කොළඹ ළමා රෝහලේ වෛද්‍ය ඒ.ඩී.කේ.එන් යසවර්ධන මහතා විසින් නිර්දේශ කර ඇති ශ්‍රවණ ආධාර කට්ටලය රුපියල් තුන් ලක්ෂ හත්දහස් පන්සියය (307500/-) ක් වන අතර ඇයගේ දෙමාපියන්ට එය මිලදී ගැනීමට නොහැකි බව දන්වා ඇත. එය ලබා දීමට හෝ මුදල් ආධාර කිරීමට කැමැති අයෙකු ඇත්නම් දුරකථන අංක 072 1335208 දන්වන ලෙසද, මව වන එච්.ජී.ඩී. පි‍්‍රයදර්ශනී නමින් ඇති මහරගම මහජන බැංකුවේ ගිණුම් අංක 306200178387601 මුදල් බැර කරන ලෙසද ඉල්ලීමක් කරයි.
 


බොරලැස්ගමුව අංක 12 ඒ, සාම මාවත පදිංචි (41) පී.ජේ.බී. අරුණ සංජීව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍යතුමා නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777318310, 0776667377, 071 3057006 දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ආධාර කොමර්ෂල් බැංකුවේ 8216005168 ගිණුම් අංකයට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කෙරේ.
 


අඹගහවිල හන්දිය, හොරන්ගල්ල, තල්ගස්වල පදිංචි කේ.බී. සුරංගනී (48) යන අයගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍ය සන්ජය හෙයියන්තුඩුව මහතා දන්වන අතර ඇයට “ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතු ව ඇතැයි නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලියකු ඇතොත් දුරකතන අංක 091 5687048 හෝ 072 – 2730022 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.