Print this Article


අටපිරිකර හා දහස්පෙතියා මල් පූජාවක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී

අටපිරිකර හා දහස්පෙතියා මල් පූජාවක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී

ශ්‍රී ගෞතම කල්‍යාණ මිත්‍ර පදනම සහ සිහසුන සුරැකීමේ සංවිධානය එක්ව පවත්වනු ලබන අටපිරිකර සහ දහස්පෙතියා මල් පූජාව අගෝස්තු දෙවැනි දින පෙරවරු 7.30 ට අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී සිදු කෙරේ.

මහ සඟරුවන දහස් නමක් වැඩම වන අටපිරිකර දහසක් පූජා කරන විශේෂ ශීල භාවනා වැඩසටහන් ද ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එම පින්කම පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ සහ සහ සිහසුන සුරැකීමේ සංවිධානයේ නිර්මාතෘ උදිත නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ පින්කම පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ගෞතම කල්‍යාණ මිත්‍ර පදනම 12/ සී, හපුවලාන මරදගහමුල ලිපිනයෙන් ලබාගත හැකිය.

අගෝස්තු (01) දා සවස 02 ට පෙර මහසෑය අභියස ශ්‍රී ගෞතම කල්‍යාණ මිත්‍ර පදනමේ කාර්යාලයට මල් භාර දිය හැකි අතර දහස් පෙතියා මල් ප්‍රමුඛ කොට සමන්පිච්ච, ගැටපිච්ච, පොකුරු පිච්ච ආදී සුවඳ මල් සුරක්ෂිතව ගෙනවිත් භාරදෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරයි.