Print this Article


අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර - (2014) බෞද්ධ ශිෂ්ටාචාරය - 02 කොටස

අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර - (2014)

බෞද්ධ ශිෂ්ටාචාරය - 02 කොටස

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.

01. ඉන්දියාවේ මුල්ම පදිංචිකරුවන් වශයෙන් සලකනු ලබන්නේ,

1. ආර්යය වාසීන්ය, 2. ඉන්දු නිම්න වාසීන්ය, 3. රතු ඉන්දියන් වරුන් ය, 4. දකුණු ඉන්දීය වැසියන්ය, 5. ආනාර්යය ජාතීන්ය.

02. ආර්ය ජාතීන් ඉන්දියාවට සංක්‍රමණය වූයේ,

1. මධ්‍ය ආසියාවේ සිටය, 2. චීනයේ සිටය, 3. බුරුමයේ සිටය, 4. ඇෆ්ගනිස්ථානයේ සිටය, 5. කාශ්මීරයේ සිටය.

03. වේදය නිර්මාණ වූයේ,

1. දෙවියන් සඳහා ගොතන ලද ස්තූති ගීතිකා වලින් ය.

2. තත්කාලීන සමාජයේ දේශපාලන, ආර්ථික තත්ත්වයන් ඉදිරිපත් කිරීමටය.

3.යාගයේ සාර්ථකත්වය කියා පෑම සඳහා ය.

4. බ්‍රාහ්මණයන්ගේ තත්ත්වය හුවා දැක්වීමටය.

5. බ්‍රාහ්මණ පූජකයන්ට දිව්‍යමය තත්ත්වයන් ලබා දීමටය.

04. බ්‍රාහ්මණ යුගය යනුවෙන් වේද ග්‍රන්ථ වල දක්වා ඇත්තේ,

1. ක්‍රි.පූ. 1900 – ක්‍රි.පූ. 700 අතර කාලයයි.

2. ක්‍රි.පූ. 600 – ක්‍රි.පූ. 1400 අතර කාලයයි.

3. ක්‍රි.පූ. 500 – ක්‍රි.පූ. 700 අතර කාලයයි.

4. ක්‍රි.පූ. 550 – ක්‍රි.පූ. 700 අතර කාලයයි.

5. ක්‍රි.පූ. 600 – ක්‍රි.පූ. 800 අතර කාලයයි.

05. බමුණන්ගේ ස්වධර්ම දැක්වෙන ශ්ලෝකය මනුෂ්මෘතියේ සඳහන් වන්නේ,

1. 89 ශ්ලෝකයෙන්ය 2. 88 ශ්ලෝකයෙන්ය 3. 87 ශ්ලෝකයෙන්ය, 4. 85 ශ්ලෝකයෙන්ය, 5. 90 ශ්ලෝකයෙන් ය.

06. වෛශ්‍යයන්ගේ කාර්යයක් නොවන්නේ,

1. ප්‍රජා පාලනයයි, 2. ඉගෙනීමයි, 3. සත්ව පාලනයයි, 4. වෙළඳාමයි, 5. මුදල් පොළී කිරීමයි.

07. ලෝක සම්භවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන සූත්‍රය වනුයේ,

1. බ්‍රහ්මජාල සූත්‍රයයි, 2. අම්බට්ඨ සූත්‍රයයි, 3. අග්ගඤ්ඤසූත්‍රයයි, 4. මධුර සූත්‍රයයි, 5. වේලුද්වාර සූත්‍රයයි.

08. බරණැස් නුවර අගනුවර වශයෙන් තිබූ රාජ්‍ය වනුයේ,

1. මගධ රාජ්‍යයයි, 2. කෝසල රාජ්‍යයයි, 3. කාසි රාජ්‍යයයි, 4. වත්ස රාජ්‍යයයි, 5. අවන්ති රාජ්‍යයයි.

09. කේවල ඥානය ලැබීම සිය විමුක්තිය ලෙස සැලකූ ශාස්තෘවරයා වනුයේ,

1. මක්ඛලී ගෝසාලය, 2. පකුධ කච්ඡායනය, 3. සංජය බෙල්ලට්ඨපුත්තය, 4. නිඝන්ථනාථපුත්තය, 5. පූර්ණ කස්සපය.

10.ලුම්බිණියේ වර්තමානය අයත් වන්නේ,

1. ඉන්දියාවටය, 2. භූතානයටය, 3. ටිබෙට් රටටය, 4. බංගලාදේශයටය, 5. නේපාලයටය.

11. රාජ්‍ය සම්භවය පිළිබඳව තොරතුරු ඇතුළත් සූත්‍ර දේශනාව නම්,

1. චක්ඛවත්තී සිහනාද සූත්‍රයයි, 2. අග්ගඤ්ඤසූත්‍රයයි, 3. කාලාම සූත්‍රයයි, 4. රාහුලෝවාද සූත්‍රයයි, 5. අස්සලායන සූත්‍රයයි.

12. කොසඹෑ නුවර අගනුවර කරගත් ප්‍රථම පාලකයා වන්නේ,

1. නිචක්ෂු රජතුමාය, 2. බිම්බිසාර රජතුමාය, 3. පුක්කුසාති රජතුමාය, 3. චණ්ඩප්පජෝත රජතුමාය, 5. උදේන රජතුමාය.

13. ඝෝසිකා රාමය පිහිටා තිබුණු නුවර වනුයේ,

1. රජගහ නුවරය, 2. සැවැත් නුවරය, 3. කොසඹෑ නුවරය, 4. පැලලුප් නුවරය, 5. චම්පා නුවරය.

14. ගෝත්‍ර අටක ක්ෂිත්‍රීයයන් පාලනය මෙහෙය වූයේ,

1. කිඹුල්වත් පුරයේය. 2. මල්ල ජනපදයේ ය, 3. වජ්ජි ජනපදයේය, 4. වත්ස ජනපදයේ ය, 5. කුරු ජනපදයේ ය.

15. බුදුරදුන් ගැඹුරු දහම් දේශනා කළේ,

1. මිගදායේදීය, 2. බරණැස් නුවරදීය, 3. මගධ ජනපදයේදීය, 4. කුරු ජනපදයේදීය, 5. කාසිජනපදයේදීය.

16. ‘තියුණු ආයුධයක් ගෙන මිනිසුන්ගේ අත්පා කන් නාසා දිය කපා ඝාතනය කළත් පවක් සිදු නොවේ’ මෙසේ ප්‍රකාශ කළේ,

1. අජිත කේසකම්බලිය, 2. මක්කලී ගෝසාලය, 3. නිඝන්ඨනාථ පුත්තය, 4. පකුඨ කච්ඡායනය, 5. පූර්ණ කස්සපය

17. නියතිවාදය ඉදිරිපත් කළ ශාස්තෘවරයා වනුයේ,

1. නිඝන්ඨනාථ පුත්තය, 2. පූර්ණ කස්සපය, 3. පකුධ කච්චායනය, 4. මක්කලී ගෝසාලය, 5. අජිත කේසකම්බලිය.

18. පකුධ කච්චායනගේ සප්ත පදාර්ථයට අයත් නොවන්නේ,

1. සුබ, 2. දුක්ඛ 3. ජිව 4. අජීව 5. තේජෝ

19. ජීවත් වන තාක්කල් සැපයේ ජීවත් විය යුතු ය. මෙසේ උගන්වන ලද්දේ,

1. බුදුරජාණන් වහන්සේය, 2. කොන්පියුසියස්තුමාය, 3. සොක්‍රටීස් ය, 4. අජිත කේසකම්බලිය, 5. හෙරක් ලිටස් ය.

20.පරම අවිහිංසාවාදයක් ඉදිරිපත් කළේ

1. මහත්මා ගාන්ධිය, 2. ශ්‍රී නේරුතුමාය, 3. නිඝණ්ඨනාථපුත්තය, 4. බුදුරදුන්ය, 5. අශෝක අධිරාජ්‍යයාය.

21. නිඝණ්ඨනාථපුත්තගේ පංචසීලයට අයත් නොවන්නේ,

1. මෙත් වැඩීමය, 2. ක්‍රෝධ නොකිරීමය, 3. බොරු කීමය, 4. සොරකම් කිරීමෙන් වැළකීමය, 5. සත්ව ඝාතනයෙන් වැළකීමය.

22.ස්‍යාත්වාදය උගන්වන ලද්දේ,

1. ගී‍්‍රක දාර්ශනිකයන්ය, 2. උපනිෂද්වාදීන්ය, 3. බ්‍රාහ්මණයන්ය, 4. නිඝණ්ඨනාථපුත්තය, 5. ආජීවකයන්ය.

23. පුද්ගලයාට නිදහස්ව සිතීමට හා විමසීමට ඉඩ ලබා දී ඇති සූත්‍රය වන්නේ,

1. මංගල සූත්‍රයයි, 2. කාලාම සූත්‍රයයි, 3. පරාභව සූත්‍රයයි, 4. කරණීය මෙත්ත සූත්‍රයයි, 5. රාහුලෝවාද සූත්‍රයයි

24. සතර සංග්‍රහවස්තු පිළිබඳව උගන්වන්නේ,

1. සිඟාලෝවාද සූත්‍රයේදීය, 2. කාලාම සූත්‍රයේදීය, 3. ව්‍යග්ගපජ්ඣ සූත්‍රයේදීය, 4. දස ධම්ම සූත්‍රයේදීය, 5. මහාපරිනිබ්බාණ සූත්‍රයේදීය.

25. ගිහියෙකු පැවිදි සමාජයට ඇතුළත් කිරීමේ දී සිදුවන පිළිවෙත් වලට අයත් නොවන්නේ,

1. භෝග සම්පත් හැර දැමීම, 2. භෝග සම්පත් සමඟ ඇතුළත් කිරීම, 3. සිය ඥාතීන් අත්හැර දැමීම, 4. මහත්වූ ඥාතීන් හැර දැමීම, 5. සිය දෙමාපියන් හැර දැමීම.

පිළිතුරු

01. 2
02. 1
03. 1
04. 1
05. 2
06. 1
07. 3
08. 4
09. 5
10. 5
11. 1
12. 5
13. 3
14. 3
15. 4
16. 5
17. 4
18. 4
19. 4
20. 3
21. 3
22. 4
23. 2
24. 1
25. 2