Print this Article


“දිවි නැඟුම – ගුණ වැඩුම” තේමාවෙන් විශේෂ වැඩසටහන් මාලාවක්

 “දිවි නැඟුම – ගුණ වැඩුම” තේමාවෙන් විශේෂ වැඩසටහන් මාලාවක්


කළුතර

පොළොන්නරුව

හික්කඩුව

සීලයෙන් සුවඳවත් වූ ප්‍රඥාවෙන් ඔපවත් වූ සාර ධර්ම සපිරි සමාජයක් ගොඩනැඟීමේ උදාර කර්තව්‍යයට උර දෙමින් “දිවි නැඟුම – ගුණ වැඩුම” තේමාව යටතේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විශේෂිත වෙසක් වැඩසටහන් මාලාවක් පසුගිය වෙසක් පුන් පොහෝදා සිට ක්‍රියාත්මක විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත දිවි නැඟුම ප්‍රජා බල මූල බැංකු ජාලයේ අනුග්‍රහයෙන් ධර්ම දානයක් ලෙස ‘බුදුසරණ ‘පුවත්පත බෙදාදීම ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් රාශියක් ද ගම්මාන මට්ටමින් සංවිධානය කෙරිණි. උතුරු නැඟෙනහිර පළාත් ද ආවරණය වන පරිදි දිවයින පුරා සංවිධානය කර තිබූ මෙම වැඩසටහන් මාලාවේ ක්‍රියාත්මක වූ සුවිශේෂී වැඩසටහන් අතර දහම් පාසල් නොයන දරුවන් දහම් පාසල් වෙත යොමු කිරීම, ශ්‍රමදාන, සෞඛ්‍ය හා ලේ දන්දීමේ කඳවුරු, මත් නිවාරණ වැඩසටහන්, “සෑම බෞද්ධ නිවසකටම බුදු මැදුරක්” යන තේමාව යටතේ දෛනික ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කිරීම්, ශීල සමාදාන හා ධර්ම දේශනා වැඩසටහන්, බෝධි පූජා, දන්සැල්, පාසල් උපකරණ කට්ටල බෙදාදීම, භක්ති ගීත ගායනා, වියළි ආහාර බෙදාදීම් ඇතුළු විවිධ ප්‍රජා සංවර්ධන විශේෂිත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණි.

මීට සමගාමීව දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අංක 01 කලාපයට අයත් කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි “ශීල සමාදාන 609, ධර්ම දේශනා 881, බෝධි පූජා 1060, ලේ දන්දීම් 06, දන්සල් 99, පාසල් උපකරණ ලබාදීම් 03, වියළි ආහාර බෙදාදීම් 201, භක්ති ගීත ගායනා වැඩසටහන් 10, ධර්ම දානයක් ලෙස, බුදුසරණ පුවත්පත් බෙදාදීමේ ආදී වශයෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවිණි. මේ සඳහා 150,000ක පමණ ප්‍රජා සහභාගීත්වයක් ලැබී තිබීම ද විශේෂයෙන් කැපී පෙනුණි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රජා සංවිධාන මෙන්ම ප්‍රජා නායකයන්ගේ, දානපතියන්ගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද විශේෂ සහයෝගය මෙම වැඩසටහන් මාලාව සඳහා ලැබී තිබුණ අතර දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ මානව පෞරුෂය, සාමූහික ක්‍රියාකාරකම්, දැහැමි හා ආධ්‍යාත්මික ගුණාංග වර්ධනය කිරීම මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ විය.

සටහන – ඒ. ශි‍්‍රයානී ද අල්විස්