UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා මැදුරේ ගන්ධ කුටියට සුදු හඳුන් දැව මුවා නිර්මාණයක් ජනපති පුද දෙයි

දළදා මැදුරේ ගන්ධ කුටියට සුදු හඳුන් දැව මුවා නිර්මාණයක් ජනපති පුද දෙයි

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳිනා දළදා මැදුරේ ගන්ධ කුටිය සඳුන් සුවඳින් සුවඳවත් කරමින් එහි බිත්ති ආවරණය වන සේ සුදු හඳුන් දැවයෙන් කැටයම් කළ සම්බුදු තෙමඟුල විදහා දැක්වෙන දැව මුවා නිර්මාණය දළදා සමිඳුන් වෙත පූජා කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා සිදු කෙරුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (10) පෙරවරුවේ ශ්‍රී දළදා මැදුරට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ගන්ධ කුටියේ දැව මුවා නිර්මාණ දළදා සමිඳුන්ට පූජා කිරීමට එක් විය.

එම අවස්ථාවට දළදා තේවාව භාර නායක මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර නාහිමිද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ද සහභාගි වූහ. අනතුරුව ජනපතිවරයා මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගත්තේ ය.

 

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]