Print this Article


ප්‍රත්‍යුපකාර කිරීම කළ ගුණ සැලකීමද?

“කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං “

කෘතගුණ දන්නා වූ පුද්ගලයන් ලෝකයේ දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. කළගුණ දන්නා වූ පුද්ගලයන් ලෝකයේ ඉතාමත්ම අඩු බව මිස, නැති බව එයින් ප්‍රකාශ නොවේ. මේ ප්‍රකාශයත් සමඟ (කෘතඤ්ඤතා පූර්වක වීම) කළගුණ දන්නාකම යනු කුමක්ද? කියලා අප ළඟ වැරැදි වැටහීමක් තිබෙනවා. යම් කිසි පුද්ගලයකු තව පුද්ගලයකුට උදව්වක් කළ විට ඒ උදව්ව හොඳට මතකයේ තබාගෙන ඉඳල ආපසු වතාවක් මමත් ඒ උදව්ව කරන්න ඕනේ කියලා හිතලා ඒ උදව්වම කළ විට ඒකට “ කළගුණ සැළකීමම” කියල කියන මහා ලොකු ප්‍රකාශය කරන්න බැහැ. අපේ ගුරුවරයකු අපට උදවු කළා නම්, අපි ඒ ගුරුවරයාගේ ගෝලයෙකුට හෝ පුතෙකුට හෝ දරුවකුට අපිත් උදව් කරනවා අනේ මේ තැනැත්තාගේ ගුරුවරයා හෝ පියා අපට උදවු කළා.

ඒ නිසා මමත් උදව් කරන්න ඕනේ කියලා. ඒකට කියන්නේ උපකාරයට උපකාරයක් කිරීම,උපකාරයක් කළ විිට ඒ උපකාරය අමතක නොකර නැවත පෙරළා කරන උපකාරයට කියන්නේ ප්‍රත්‍යුපකාර කිරීම කියායි, ප්‍රත්‍යුපකාර කියලා කියන්නේ උපකාරයක් කළ විිට කරන ඊළඟට උපකාරයයි. උපකාරයක් කළොත් ප්‍රත්‍යුපකාර කිරීම කරන්නට ඕන දෙයක්. ඒක”කළගුණ සළකනවාය” කියන විශාල අර්ථයක් සමඟ සසඳන විට එය ඉතාමත් ලඝූ දෙයකිි. මට කවදාහරි දවසක කවුරු හරි කෙනකු ආහාර වේලක් දුන් විට, මම පෙරළා ඒ ආහාර වේල එයාට දෙනවා. එය උපකාරයට ප්‍රත්‍යුපකාර කිරීම හෙවත් පෙරළා උදව් කිරීමක්, කළගුණ සැළකීම යන විශාල සංකලපයත් සමඟ ප්‍රත්‍යුපකාර කරණවාය කියන පොඩි අදහස ගලපන්න බැහැ. ප්‍රතිඋපකාර කිරීම කළගුණ සැළකීමට වඩා කුඩා දෙයක් හැටියට හඳුනාගත යුතුයි “ කළගුණ සලකනවාය “ යනු එවැනි පුංචි දෙයක් නොවේ. උපකාරයක් කළ විට ප්‍රත්‍යුපකාර කිරීම අනිවාර්යයි. කළගුණ සැළකීමත් ඒ වගේ විය යුතුයි. නමුත් මිනිස්සු ප්‍රත්‍යුපකාර කරන්නේත් නැත්නම් ඒ අයගෙන් කළගුණ සැළකීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. “ කළගුණ සළකනවාය “ කිියන මහා සංකල්පය , ප්‍රත්‍යුපකාර කරනවාය කියන කුඩා අදහසත් සමඟ එකතු කරන්න බැහැ කියන එකය.ි තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම්, ණයක් බැංකුවකින් ලබාගත හැකියි. ඒ බැංකුවෙන් ගන්න ණය ආපසු ගෙවනව නම් ඒකට ණය ගෙවනවා කියා කියනවා. එය උපකාර කිරීමක් නොවේ.උපකාරයකට උපකාරයක් කිරීමක් යනු ණය ගෙවිමක් නොවේ. ණය ගත්තොත් නැවත ගෙවිිය යුතුය. ඒක පුංචිම කුළකයක්. ණය නැවත ගෙවීම අනිවාර්යයි. එය උපකාරයක් නොවේ. ණය ගෙවීම, ප්‍රතිඋපකාර කිරීම, කළ ගුණ සැළකීම යනුවෙන් කාරණා තුනක්. ඒ සියල්ලම බී සහ ඩී වෙනවා. බී සියල්ලම සී වෙනවා. බී සියල්ලම ඒ වෙන්නේ නැහැ. ඒ සියල්ලම බී වෙනවා. බී සියල්ලම සී වෙනවා බී සියල්ලම ඒ වෙන්නේ නෑ. සී සියල්ලම ඒ බී වෙන්නේ නැති වුවත් ඒ බී සියල්ලම සී වෙනවා. ඒ ණය ගෙවීම නම්, බී සමානයි ප්‍රත්‍යුපකාර කිරීම නම්, සී සමානයි කළගුණ සැළකීම, මේ සියල්ලම කළගුණ සැලකීමයි මේ කියන මනා සර්වත්‍ර කුළකය ඇතුලේ තමයි මේ උපකුලක තියෙන්නේ.

‘කළගුණ සලකනවාය ‘ යන්න සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ ප්‍රායෝගික නිදර්ශකය වන්නේ, අනිමිස ලෝචන පූජාවයි. බුදුපියාණන් වහන්සේ වැනි උතුමකු “කළගුණ සැළකීම “ වැනි දෙයකට නිදර්ශකයක් දෙන්නේ,, ගහක් දෙස බලා ඉඳලාද වාඩි වෙලා හිටිය ගසක් ළඟ සතියක් බලා හිඳීමෙන් ගහට ලැබෙන කවර නම් ඵලයක්ද ? ගහට උපකාරයක් කිරීමට නම් වතුර බාල්දියක් වත් දාන්න පුළුවන්නේ. ගහ දෙස බලාගෙන හිටියාට ගස් වැවෙන්නේ නැහැනෙ.

අපි මේ අනිමිස ලෝචන පූජාව හැටියට සළකන්නේ කොහොමද? ගහට ප්‍රතිඋපකාරයක් කළා නම් එය ගහට වතුර ටිකක් දමනවා වගේ ක්‍රියාවක්.

බුදුහාමුදුරුවන්ගේ අනිමිස ලෝචන පූජාව සාධාරණීකරණය කරන්න. උන්වහන්සේ ගේ ක්‍රියාව දෙස ලඝු පොඩි කුළකයකට එහා ගිය නිර්වචනය කරන්නේ කොහොමද?

අපි ජීවිතය ජීවත්කරවන්නේ බොහෝ දෙනාගේ උදව්වෙන්. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ දසධම්ම සූත්‍රයේ දෙවන ධර්මය හැටියට “පරපටිබද්ධා මේජීවිකා “ වදාරා ඇත. මාගේ ජීවිතය අනෙකා හා බැඳී පවතින්නේය. ඒ කියන්නේ මට හුදකලාවූ ජීවිතයක් ඇත්තේ නැත. දරුවකු අයිති වන්නේ ඒ දරුවාගේ අම්මාට ද තාත්තාටද කියාල විමසුවොත් පැහැදිලිවම ඔබ කියාවි දෙන්නාටම කියලා. දරුවා අයිති දෙමාපියන් දෙන්නාට පමණක් නොවන බව වටහාගත යුතුයි. දරුවා බිහිවන්නේ තාත්තා ගේ ලේ වලින් සහ මවගේ කුසෙන් බව ඇත්ත වුවත්, ළමයාට කිරිදෙන්නේ මව බවද ඇත්ත වුවත්, මවට කිරි එන්නේ කොහෙන්ද? දරුවා හදන්න තාත්තා වියදම් කරන බව ඇත්ත වුවත්, ඒ තාත්තාට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? පෝෂණීය ආහාර ද්‍රව්‍ය පද්ධතියක් සහ නිෂ්පාදනයක් නොමැති නම් මවක විසින් දරුවකුට කිරිදිය හැකිද?

නිවැරැදි ආර්ථික රටාවක් නැත්නම් දරුවාට වියදම් කිරීමට පියාට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ දරුවා පෝෂණය කරන්න අම්මටත් තාත්තටත් අමතරව ඊට උඩින් බැඳුණූ විශාල සමාජ ජාලයක් යෙදෙනවා.

අපි කවුරුත් ඒ සමාජ ජාලය විසින් පෝෂණය කරනු ලැබ තිබෙනවා. අම්මා විසින් කිරි දී පෝෂණය කළ දරුවාට, එතැන් සිට කවන්නේ පොවන්නේ රටක් උගන්වන්නේද, නිරෝගීතාවය ඇතිකර වන්නේද? වර්ධනය කරන්නේද රටක්.ඒ සමස්ත සමාජ ක්‍රියාවලියට පෙරළා උපකාර කරන මහා ප්‍රතික්‍රියාවයි. කළගුණ සැළකීම ලෙස හඳුන්වන්නේ.

බුදුපියාණන් වහන්සේ ගහක් දෙසම බලාගෙන වැඩ සිටියේ ඇයි? උන්වහන්සේට සුජාතාව කිරිපිඬු දානය පූජා කළ තලිය දෙස බලාගෙන ඉන්න තිබුණනෙ. උන්වහන්සේට සිවුරු පූජාකළ අමු සොහොන දෙස බලාගෙන ඉන්න තිබුණනෙ. ගහක් දෙස බලාගෙන උන්නේ නිමක් නැති මහා විශ්වීය සම්පතක් නිසයි. ඒ මහා විශ්වීය සම්පතේ මහා විශාල සම්පත් සමූහයක්.

ඒ අතර එක ගසකට කළගුණ සළකනවාය කියන්නේ මේ සමයක ජීවිතය සමාජ ජාලයක් භෞතික සම්පත් ජාලයක් විසින් අද මාව මේ තැනට පත් කළා. ඒ මහා සංස්කෘතික සම්ප්‍රදායක් සමාජ ජාලයත් භෞතික වස්තු ජාලයත්, වෙනුවෙන් මගේ කෘතඥතා පූර්වක භාවය පිරිනමනවාය කියන මහා දැවැන්ත ගිවිසුම් සහගත ප්‍රතිඥාවෙන් හිස නමා උපහාර පිදීමක් වේ. එසේ නැතුව ගහකට ප්‍රතික්‍රියාවක් දැක්වීමක් නොවේ. ගසක් ළඟ සිට බුදුවුණාය කියලා එම ගහක් දෙස හත්දවසක් බලාගෙන කෘතඥතා පූර්වක වුණාය කියන කාරණාව බෞද්ධ නොවන කෙනකුට හාස්‍යයට කරුණක් විය හැක. සංස්කෘතිකව ලඝු පුද්ගලයකුට මේ ක්‍රියාව මොකක්ද කියලා හිතෙන්න පුළුවන්.

අවම වශයෙන් ගහට පොහොර ටිකක් වතුර ටිකක්, දාන්න එපා යැයි කියලා බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායේත් නොවන කෙනකුට ඕනෑම නම් තර්ක කළ හැකියිනේ. එහෙම තර්ක කළ නොහැකියි. කෘතඥතා පූර්වක වීම යනු එයයි. අපි අඳින එක ඇඳුමක්වත් අපේ නොවේ. ඒක මහා විශාල සමස්ත සමාජයක් විසින් එක එක කොටස් කරල තියෙන්නෙ. පුළුන් ගස් හදන අය වෙනයි. පුළුන් ගන්නා අය වෙනයි. ඒවා අලෙවි කරල ජීවත්වන මිනිසුන් නොසිටින්න. නූල් හදන්න කෙනෙක් නැහැ. ඒ නූල හදන අය නොසිටින්න රෙදි හදන්න බැහැ. මහා ක්‍රියාකාරකම් ජාලයක මැද කොටසක් යම් කිසි කෙනකු විසින් ඉෂ්ඨ කරනවා. ඒ ඉෂ්ඨ කරන්නා වූ පුද්ගලයා සමාජයේ අත්‍යවශ්‍යම පුද්ගලයෙක්. ඒ අවශ්‍යම පුද්ගල සම්පත අවශ්‍යම මානව සම්පත නොමැතිව සමාජ ජාලය ක්‍රියාත්මක වන්නේ නැහැ. මම එක දවසක් කැලණිය සරසවියේ ශ්‍රී පඤ්ඤාසාර භික්ෂු නේවාසිකාගාරයේ හිටිය අවස්ථාවක මට ඇහෙනවා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් තරමක විවාදයක හඬකින් සංවාදයක් කරනවා. මම නේවාසිකාගාර පාලක ස්වාමීන් වහන්සේ ලෙස මේ අය කතා කරගත්තේ ශාස්ත්‍රීය සංවාදයක්ද, නැතහොත් කළකෝලාහලයක් ද,දේශපාලන කතා බහක් ද යන්න විමසිළිමත් වුණා.

පොදු ක්‍රියාකාරකමක තමන්ගේ දායකත්වය පිළිබඳව කතා බහ කරනවා වැඩි දැන උගත්කමක් නැති සාමාන්‍ය ශිෂ්‍යයා කියනවා “දැනගන්න ලෝකයේ කිසිම අත්‍යවශ්‍ය පුද්ගලයෙක්ද, අනවශ්‍ය පුද්ගලයක්ද නැහැ කියලා “ .මේ නොමේරු ශිෂ්‍යයාගේ ප්‍රකාශය දැවැන්ත ඥාන සම්භාරයක් එක්කලා. ඒ ප්‍රකාශය බුදුහාමුදුරුවන්ගේ දැක්මක්. මේ ලෝකයට කිසිම අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වත් අනවශ්‍ය පුද්ගලයෙක් වත් නැහැ. අනවශ්‍ය කිසි පුද්ගලයකු නැහැ කියලා කියන්න. පණුවා කියන ජාතිය වගාවට අත්‍යවශ්‍ය නැහැ.පණුවා වගාවට යම් මෙහෙවරක් කරනු ලබනවා. කෘමිනාශකයන් අවශ්‍ය නැතැයි කියළ හිතුවත් මේ පරිසරයේ සමතුළිතතාවය රැකගන්න ජෛව විවිධත්වයට අවශ්‍යයයි.

මෙම ලිපියේ ඉතිරි කොටස ජූලි 19 වැනිදා පත්‍රයේ පළවේ.

සටහන
හේමමාලා රන්දුනු