Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වැනිදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාගංණයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නා හිමියන් වහන්සේට සමරු තිළිණයක් ජනාධිපතිතුමා විසින් පිළිගැන් වූ අවස්ථාව.

ශාන්ති පදනම විසින් විසිපස් වැනි වරටත් සංවිධානය කළ පිච්චමල් පූජාව ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 05 වැනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවැති අතර ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වූහ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ද, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, වීරකුමාර දිසානායක යන මැති ඇමැතිවරුද සහභාගි වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උත්සවයේදී ජනාධිපතිතුමා
පිරිකර පූජා කරමින්...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 03 වැනිදා කතරගම කිරිවෙහෙර මහා චෛත්‍ය වැඳපුදා ගත් අතර, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක උන්වහන්සේ වෙත අට පිරිකර පූජා කළ අවස්ථාව