Print this Article


ගවයන්ට අභය දානය

ගවයන්ට අභය දානය

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනයේ දී විහාරාධිපති දිවියාගහ යසස්සි නා හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව මඟින් සැදැහැවතුන්ගේ සහයෙන් මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමේ පින්කම මෙම ඇසළ පෝදා බෞද්ධායතනයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

වසර නමයක් පුරා සිදුකරගෙන එන මෙම පින්කම අතුරෙන් පසුගිය වර්ෂයේ මරණයට කැපවූ ගවයන් නිදහස් කොට ගෙන පොළොන්නරුව වැලිකන්දේ මෛත්‍රීගම ගොවි ජනතාව අතර බෙදාදීමට පියවර ගන්නා ලදී.

මේ වර්ෂයේ නිදහස් කර ගන්නා ගවයන් පොළොන්නරුවේ මැදිරිගිරිය තිකහේන හා කඳුරුගස්වැව යන ගම්මාන දෙකෙහි ආර්ථික අමාරුකම් වලින් පෙළෙන ගොවියන් අතර බෙදාදීමට කටයුතු යොදා ඇතිබව එහි ප්‍රධාන ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා පැවසීය.