Print this Article


මල්වතු මහා විහාරයේ සංඝරාජ පෙරහර

මල්වතු මහා විහාරයේ සංඝරාජ පෙරහර

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ගුණානුස්මරණ පින්කම් හා සංඝරාජ මහ පෙරහර ජූලි 12 වෙනිදාට යෙදෙන ඇසළ පෝයදින මල්වතු මහා විහාරයේ දී පැවැත්වේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි, අනුනායක හිමිවරු ප්‍රධාන මහා විහාරයේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් 68 වෙනි වතාවටත් සංඝරාජ මහ පෙරහර මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන් අනුශාසකත්වයන් සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ, හා සංඝරාජ කාන්තා සමිතියේ මූලිකත්වයෙන් පැවැත්වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රධාන රජයේ ආයතන වල අනුග්‍රහය ඇතිව මෙදින සවස 3.00 ට මල්වතු මහා විහාර උපෝෂථාගාරය අබියස දී පවත්වනු ලබන සංඝරාජ ගුණ සමරු උත්සවයට පසු සංඝරාජ මාහිමි ප්‍රතිමාව වැඩමවාගත් සංඝරාජ මහ පෙරහර මහනුවර වීදි සංචාරය කෙරේ.