Print this Article


පාමංකඩ ඉන්දජෝති හිමියන්ගේ පැවිදි බිමට අඩසිය වසරක් සපුරා පින්කම්

පාමංකඩ ඉන්දජෝති හිමියන්ගේ පැවිදි බිමට අඩසිය වසරක් සපුරා පින්කම්

පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාමය, කෝරළඉම සඳකිරණ විහාරය, හොන්කන්කර ශ්‍රී සුදර්ශනා දූව විහාරය යන විහාර ත්‍රයාධිපති හෝමාගම උඩුගහපත්තු ශාසනාරක්ෂක බලමණ්ඩල ප්‍රධාන ලේඛකාධිකාරී, ශාස්ත්‍රවේදී පාමංකඩ ඉන්දජෝති හිමියන් පැවිදි වී අඩසිය වසරක් ගත වීම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා ආශිර්වාද පින්කම් මාලාවක් හා අභිනන්දන උපහාර පූජා වැඩසටහනක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් ජූලි 07 දින සිට 11 දින දක්වා දිනපතා රාත්‍රී 7 ට විශේෂ ධර්මදේශනා මාලාවක් පැවැත්විණි.

ජූලි 13 දින පස්වරු 2 ට ‘සුදාකර’ ශාස්ත්‍රිය සංග්‍රහය දොරට වැඩුම හා උපහාර උත්සව සභාව පවත්වනු ලබයි. එහි මුලසුන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක ආචාර්ය ඉත්තෑපාණ ධම්මාලංකාර අනුනාහිමියන් හොබවති.

ජූලි 14 දින දරුවන් පැවිදි කිරීමේ පින්කමක් පවත්වා පනස් නමක් මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.