Print this Article


අධිසිල් ලබති

අධිසිල් ලබති

මොරටුව – කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ශාසනකීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය දැනට කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙණේ උසස් අධ්‍යාපනය ලබන දම්පහළ ඤාණසුධීර හිමියන් ශ්‍රී ලංකා අමරපුර එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කුරුවිට සරණංකරාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝයා වෙතින් බලංගොඩ තුඹගොඩ සාංඝිකාරාම විහාරස්ථ බද්ධ සීමා මාලකයේදී ජුලි මස 05 වනදින උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබිණ. උන්වහන්සේ විසින් මංගල ධර්ම දේශනය ජුලි මස 12 වැනි පොහෝ දින තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ දී පවත්වනු ලැබේ.


මැදගම ධම්මරංසි සාමණේර හිමියන් වීරවිල නවනගරය ඇතුනදවල වෙහෙරපැලැස්ස උභය රජමහා විහාරාධිපති දිවයිනටම සාම විනිසුරු මොරවක ඤාණිස්සර නා හිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවයේ කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරීය සුමංගල උපෝසථාගාරයේදී ජුනි 28 දින අධිශිල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් කරනු ලැබිණ.

 


වැලිමඩ, පහළ කොටවෙර ථුපාරාම පුරාණ විහාරාධිපති ඌව උඩුකිඳ ප්‍රධාන සංඝනායක කොටවෙර සංඝරතන නා හිමි සහ බදුල්ල, බුදුගේකන්ද වළගම්බා රජමහා විහාරාධිපති වැවේගම ඉන්දරතන ඌව යටිකිඳ වියළුව ප්‍රධාන සංඝනායක හිමිපාණන්ගේත් ශිෂ්‍ය, බදුල්ලේ ගුණරතන හිමියන් පසුගිය ජුනි 28 වැනිදින උඩරට අමරපුර සාමාගී‍්‍ර සංඝ සභාවේ මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් මැදවෙල වැලිමඩ ජිනජෝතිකාරාම සීමා මාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබිණ.