Print this Article


ආශිර්වාද පූජාවක්

ආශිර්වාද පූජාවක්

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි සිංහ සවිය පදනම හා සිංහගිරි විහාර දායක සභාව මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා පහන් දහසක් දල්වා නෙළුම් මල් දහසක් පූජාකොට අටවිසි බුදුවරුන්ට අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වීමේ ආශිර්වාද පූජාව ඇසළ පුර පෝදා රාත්‍රී 7.00 ට හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ දී පැවැත්වේ. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහත් වරු මෙම පූජාවට සහභාගී වේ.