Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස් පින්කම්

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස් පින්කම්

වාර්ෂික වස් පින්කම් මාලාව, මෙම ඇසළ පුර පොහෝ දිනට පසුදින සිට ඇරඹීමට, අනුරාධපුර බෞද්ධ මණ්ඩලය සියලු කටයුතු යොදා තිබේ. මෙම මස 13 වෙනි දින හිමිදිරි පාන්දර ජය ශ්‍රීමා බෝසමිඳුන් වෙත ක්ෂීර පායාස දානය පූජා කිරීමෙන් අරඹන පින්කම් මාලාව, ලබන ඔක්තෝම්බර් 08 වෙනි දින දක්වා පුරා තුන් මාසයක් නොකඩවාම පැවැත්වේ.

සෑම දිනකම උදෑසන පැන් නොමුසු කිරිපිඬු දානයෙන්ද දහවල වෑංජන 32 කින් සමන්විත ආහාරමය බුද්ධ පූජාවෙන් ද සවස පාන වර්ග 32 කින් යුත් ගිලන්පස බුද්ධ පූජාවෙන්ද ජය ශ්‍රී මහා බෝසමිඳුන්, පිදීමට හා හරසර දැක්වීම සිදුවේ. බෞද්ධ මණ්ඩල සංඝාවාසයේ වස් සමාදන්ව වැඩ සිටින සංඝයා වහන්සේලා හට සිව් පසයෙන් උපස්ථාන කිරීමද පෝය දිනවල සීල සමාධිය ලබන සැදැහැවතුනට දානය පිරිනැමීමට හා බණ භාවනා පැවැත්වීම ආදී නියමිත වැඩසටහන් ද සිදු කෙරේ.