Print this Article


මාපිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානය

මාපිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානය

මෙරට සියලු විශ්ව විද්‍යාල නියෝජනය වන පරිදි වෛද්‍ය ඉංජිනේරු, කළමනාකරණ, නීති පීඨයන්හි විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට වාර්ෂිකව ශිෂ්‍යත්ව ලබාදෙන මාපිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම, මෙවර වඩාත් පුළුල් වූ ඵලදායි මෙහෙවරකට පා තබමින් අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රථිඵල මත දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා ඇති අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන්ගෙන්ද විවෘතව ඉල්ලුම්පත් කැඳවූ අතර මෙවර ශිෂ්‍යත්ව සඳහා දේශීය වෛද්‍ය විද්‍යාල සිසුන් 11 දෙනෙකු තෝරාගනු ලැබ ඇත.

විශ්ව විද්‍යාලයන්හි දෙවන වසර ඉගෙනුම ලබන සිසුන් 25 දෙනෙකුට ද මෙම වසරේ ශිෂ්‍යත්ව ක්‍රියාත්මකව පවතිද්දී තවත් අමතර ශිෂ්‍යත්ව 11 ක් මෙලෙසින් ප්‍රදානය කිරීමට සැළසුම් කරන මාපිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම සිය 9 වන ශිෂ්‍යත්ව ප්‍රදානය මේ මස 19 දින පස්වරු 4 ට රාජගිරිය කොටුවේගොඩ අංක 392/2 ස්ථානයේ පිහිටි මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත. ශිෂ්‍යත්ව පදනමේ අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමිගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව පදනමේ අධ්‍යක්ෂිකා සීතා ගුණතිලක මහත්මිය දන්වා සිටී.