Print this Article


අධිසිල් ලබති

අධිසිල් ලබති

ගම්පහ බණ්ඩාරවත්තේ විද්‍යාවංශ මහ පිරිවෙනේ විශ්‍රාමලත් පරිවෙණාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ගම්පහ ප්‍රාදේශීය සංඝ සභාවේ උප සභාපති නැදගමුවේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රවේදී දිවුලපිටියේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ගම්පහ බණ්ඩාරවත්තේ විද්‍යාවංශ මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන මොරවක සුමනසීහ සාමණේරයන් වහන්සේ 2014 ජූලි මස 2 වෙනි දින මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී ආරම්භ වු ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උපසම්පදා විනය කර්මයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටු විමට නියමිතව තිබිණි.

 

 

 

 


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වය ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝරත්නය විසින් 2014 ජූලි මස 09 වැනි දින මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන මාතර නගරයේ නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසිල් ලබන මිනුවන්ගොඩ කුසලධම්ම හිමියන්ගේ සුමධුර මංගල ධර්මදේශනාව ඇසළ පොහොය දින පස්වරු 7ට මිනුවන්ගොඩ කොරසේ ශ්‍රී සුධර්මානන්ද මූල මහා විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.