Print this Article


සසුන් බිමට

සසුන් බිමට

කැලණිය ගෝනවල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ජූලි මස 02 දින කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ගෝනවල ශ්‍රී වර්ධනාරාමාධිපති නාවින්නේ සුගුණධම්ම හිමියන්ගේ ආචාර්යත්වයෙන් එරංග පුෂ්ප කුමාර දරුවා පැවිදි බිමට පත් කෙරේ. හංවැල්ල දිග්දෙණියේ පදිංචි වික්‍රමආරච්චි උදය ශාන්ත සහ නාගොඩ ගමගේ දීපිකා දමයන්ති යන දෙපළ එම දරුවාගේ මාපියන්ය. එදිනට විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරෙන රන් වැට ද විවෘත කෙරෙනු ඇත.