Print this Article


ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මයුත්තික මාතර මහානිකායේ උපසම්පදා උත්සවය

ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මයුත්තික මාතර මහානිකායේ උපසම්පදා උත්සවය

ශී‍්‍ර ලංකා අමරපුර සිරිසද්ධම්මයුත්තික මාතර මහානිකායේ ද්විවාර්ෂික උපසම්පදා විනයකර්මය ජූනි මස 27 වැනි දින අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථ මාදම්පා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබිණි. මාතර සමාගම නමින් මාතර ධර්මාරාම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතෙන් ආරම්භ වූ මේ නිකාය දැනට ශ්‍රී ලංකාව පුරා විසිරී පවතී. මෙවර උපසම්පදා විනය කර්මයට සාමණේරයන් වහන්සේලා 50 නමක් පමණ උපසම්පදාව ලැබීමට සුදුසුකම් සපුරා ඇති අතර එම නිකායේ මහානායක මහෝපාධ්‍යාය කොළඹ 08 සීවලී පටු මගේ ශ්‍රී විවේකාරාමාධිපති නාකුළුගමුවේ පේමතිලක මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සිරිවිජයාරාමාධිපති අම්බලන්ගොඩ සුධර්ම නාහිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් හා මහා ලේඛකාධිකාරී බැරගම ගල්විල පුරාණ රාජමහාවිහාරාධිපති බැරගම විමලබුද්ධි නාහිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක විජයබා මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බැරගම විමලතිස්ස නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ, දකුණු පළාත් මහාමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා නගරාධිපති අරුණ ප්‍රදීප් යන මැතිතුමන්ලාගේ පූර්ණ දායකත්වය ලැබී තිබුණි.