Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වස් විසීම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වස් විසීම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සියලුම සබ්‍රහ්මසරුන් වහන්සේලා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේ ය.

අප නිකායෙහි සියලුම සබ්‍රහ්මසරුන් වහන්සේලා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2558 ක්වූ ඇසළ මස පුර පසළොස්වක නම් තිථිය ලත් ශනි දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2014 වැන්නෙහි ජූලි මස 12 වන සෙනසුරාදා ගිම්හාන සෘතුවෙහි 8 වන පොහොය කොට ඊට පසු දින එනම් ජූලි 13 ඉරුදින පෙරවස් එළඹීම සිදුකළ යුතු ය. පෙරවස් පවාරණය වප් මස පුර පසළොස්වක නම් තිථිය ලත් බුධ දින හෙවත් ඔක්තෝබර් මස 8 වන බදාදා වස්සාන සෘතුවෙහි 6 වන පොහොය කොට එදින පෙරවස් පවාරණය කළ යුතුය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2558 ක් වූ නිකිණි මස පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2014 ක්වූ අගෝස්තු මස 10 වැනි ඉරිදා වස්සාන සෘතුවෙහි 2 වන පොහොය කොට පසු දින එනම් අගෝස්තු 11 සඳු දින පසුවස් එළඹීම සිදු කළ යුතු ය. පසුවස් පවාරණය, ඉල් මස පුර පසළොස්වක නම් තිථිය ලත් ගුරු දින හෙවත් නොවැම්බර් මස 6 වැනි බ්‍රහස්පතින්දා වස්සාන සෘතුවෙහි 8 වන පොහොය කොට එදින පසුවස් පවාරණය සිද්ධ කළ යුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නා හිමියෝ නිවේදනය කරති.