Print this Article


කරගල ශ්‍රී ජිනරතන දහම් පාසල

කරගල ශ්‍රී ජිනරතන දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ කෝරලේ ප්‍රා.ලේකම් කොට්ඨාශයේ දොලොස්බාගේ රාක්ෂගල කඳු පාමුල කරගල බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ජිනරතන දහම් පාසල පිහිටා ඇත. 1985 වසරේ පිහිටුවා ඇති මෙම දහම් පාසල සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ට කදිම අධ්‍යාපන නිකේතනයකි.

මෙම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ඇති එකම දහම් පාසල මෙය වේ. මෙහි විවිධ අඩු පාඩු රැසක් ඇත. ඩෙස්, පුටු දහම් පොත් ප්‍රමාණවත් නොමැතිව සියලුම ජාතීන් එකතුව දහම් අධ්‍යාපනය ලබති. මෙම දහම් පාසල පවත්වාගෙන යෑමට ඇප කැප වන්නේ පුවක්ගස්වල සරණංකර නා හිමියන්, පුවක්ගස්වල විමලබුද්ධි හිමි හා ඇතිමලේ ආනන්ද හිමියෝය.

අද වන විට දරු දැරියන් 100 ක් මෙහි දහම් අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලය 10 කු ගෙන් සමන්විතය. කලාප කොට්ඨාශ දිස්ත්‍රික් දහම් දැනුම තරග වලින් සිසු සිසුවියන් රැසක් ජය ලබා ගෙන ඇත.


දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්