UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා වසර 134ක්

මෙරට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා වසර 134ක්

මීට වසර 134 කට පෙර එනම් 1880 ජුනි 17 වැනිදා බ්‍රිතාන්‍යය යටත් විජිත යුගයේ අප රට කෘරතර පාලනයකට යටත්ව තිබුණි. බ්‍රිතාන්‍ය පාලකයින් අප රටේ ආර්ථික සම්පත් රිසිසේ සූරාකෑමට අමතරව අප රටේ ජන ජීවිතය මෙන්ම අපේ අධ්‍යාපන රටාවෙන් පැවැති ස්වයං පෝෂිත ආර්ථික රටාවෙන් විශාල වෙනස්කම් කර දිගුකාලීනව සිතා බලා මිෂනාරි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලදී.

මෙවැනි පසුබිමක් යටතේ ඇමරිකානු ජාතික හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා අප රටට පැමිණ එතුමා සමඟ අප රටේ නිදහස් අරගලයට කැප වූ අතර විශාල ගිහි පැවිදි පිරිසක් එයට සහය විය. බෞද්ධ පුනර්ජීවය පිණිස ඕල්කොට්තුමා කටයුතු රාශියක් කළ අතර ‘පරම විඥනාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම එහිදී ප්‍රධානම කරුණක් විය. බුලත්ගම නායක හිමියන් මුලසුන හෙබවූ මෙම රැස්වීමේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කළ දේශනය කාගේත් ඇඟ කිලිපොලා ගිය දේශනයක් විය. මෙකල බෞද්ධයන් මිෂනාරිවරු අතර පැවැති විවිධ විවාද තර්ක විතර්ක හා වාදවලදී උන්වහන්සේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළාය. ඒවා අතර විශේෂ වන්නේ පරම විඥානාර්ථ සමාගම බිහි කිරීමයි. කේ.ඒ. චින්තක පෙරේරා

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]