UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෝමාගම පොසොන් මහ පෙරහර

හෝමාගම පොසොන් මහ පෙරහර

මිහිඳු හිමියන් අනුස්මරණය කරන පොසොන් උත්සවය, සංඝමිත්තා පෙරහර මේ ආදී විවිධ බෞද්ධාගමික සෞන්දර්යාත්මක උත්සව ආරම්භ කිරීමද බුදුසමය තුළින් ඇතිකළ නව සමාජ සංස්කෘතියෙහි විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. පොසොන් පෙරහර ලක්දිව දහම් ආලෝකය ලැබීම මුල්කරගෙන පැවැත්වූ අතර මිහිඳු මහ රහතන් වහන්සේ පිදීම එහි මූලික අරුත විය. ජීවමාන ප්‍රමාණයේ මහා මහේන්ද්‍ර ප්‍රතිමාවක් රැගත් පෙරහර ක්‍රමයක් ගැන සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන අතර ක්‍රමානුකූලව එය විශාල සංස්කෘතික දායාදයක් ලෙස සංවර්ධනය වූ බව සිහිපත් කළ යුතුය. හෝමාගම පුරාණ විහාරස්ථානය ජාතික ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් උදා කරන හේවාගම් කෝරළයේ පැරණි විහාරස්ථානයකි. එහි 1960 වර්ෂයේ ආරම්භ කළ පොසොන් මහ පෙරහර මෙවරද 53 වන වරටත් ජුනි 21 දින රාත්‍රී විථි සංවාරය කෙරේ. පුරාණ විහාරාධිපති සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් ගුරු උපදේශක මාදෝවිට පඤ්දාකිත්ති නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී මහින්දෝත්ස්ව සමිතිය ඇතුළු විහාරස්ථ සමිති මෙය සංවිධානය කරයි.

හෝමාගම කෝරළයේ මෙම සංස්කෘතික උදානය රැකබලා පෝෂණය කිරීම සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාව මෙන්ම බස්නාහිර පළාත් සභාවද විශාල අනුග්‍රහයක් දක්වයි. හෝමාගම ව්‍යාපාරික ප්‍රජාව, අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා හා බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා ඇතුළු පින්වතුන් මෙම පෙරහර සාර්ථක කර ගැනීමට උපකාර කර ඇත.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියෙහි අනන්‍යතාවය ඉස්මතු කරමින් ප්‍රෞඩ හා ඓතිහාසිකත්වය පිළිබිඹු කෙරෙන ලෙසින් මෙම පෙරහර වසර 52 ක් පුරාවට සාර්ථකව පවත්වාගෙන එන ලද්දේ නා හිමියන්ගේ නිසි අනුශාසකත්වය හා මහා මහින්දෝත්සව සමිතියේ නිසි මඟ පෙන්වීම හා කැපවීම් නිසාය. අලි ඇතුන් 20 දෙනෙකු හා උඩරට, පහතරට සබරගමු නැටුම් අංග 60 කින් සමන්විත මෙම පෙරහර ජුනි 21 වැනිදා රාත්‍රී 7ට හෝමාගම පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වේ.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]