UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නෑබඩවතුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල

නෑබඩවතුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල


ප්‍රධානාචාර්ය ඕතර තිරුවන්පොල ශීලවංශ හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය

දඹදෙණිය 13 වන ශත වර්ෂයේ දීප්තිමත් ඉතිහාසයක් ගොඩනැඟීම උදෙසා එම පුරවරයට ආසන්න විහාරයන් කිහිපයක් ගොඩ නැගුණි. බෞද්ධයන්ගේ හිත සුව පිණිස බොහෝ හාස්කමින් මහා ප්‍රතාපවත් අන්දමට වැජඹෙන පෞරාණික බෝධි වෘක්ෂයක් සමඟ වැජඹෙන නෑබඩවතුර පුරාණ විහාරය පලපොලුවේ ශ්‍රී රතනපාල නා හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු බව සඳහන් වේ. එදා මෙදා තුර සංවර්ධනය දවසින් දවස ළඟා කර ගනිමින් ප්‍රදේශවාසී බෞද්ධයන්ට හිත සුව පිණිස පවතී. වර්තමාන විහාරාධිපතිත්වය දරන බෝයවලාන මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රවේදී ඕතර කිරුවන්පොල ශීලවංශ මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සත් කෝරළ මහ දිසාවේ දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපවත් වී වදාළ පන්දෙණියේ සරණංකර නායක මාහිමිපාණන් විසින් 1957 වර්ෂයේදී ඉතාම සුළු ශිෂ්‍ය සංඛ්‍යාවකින් අරඹන ලද ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම්පාසල මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 250 දක්වා වර්ධනය වෙමින් පවතී.

දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරන ශීලවංශ මාහිමිපාණන් මහන්සේගේ කැප කිරීම නිසාම එවන් සංවිධානයක් ගොඩනැගුණු බව පැහැදිලිය. නියමිත කාලසටනට අනුව අදියරයෙන් අදියරට හැම තත්පරයක්ම නොයෙකුත් ප්‍රායෝගික වැඩසටහන් කරන මානව හැඟීම් උදෙසා මනසට කාවැද්දවීමට ගන්නා ප්‍රයත්නය ප්‍රශංසනීයයි.


ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක්

ජනාධිපතිතුමන් විසින් බලාපොරොත්තු වන ඒ උත්තරීතර සාරධර්ම වලින් පිරිපුන් මිනිස් පරපුරක් දැහැමි පරපුරක් බිහි කිරීමේ මේ දැවැන්ත කාර්යයට ප්‍රධානාචාර්ය මාහිමිපාණන් වහන්සේ මහත් සහයෝගයෙන් කටයුතු කරන ඒ සඳහාම තමන්ගේ කැපවීම සිය කැමැත්තෙන්ම ලබාදෙන ආචාර්යවරයෙක් ද තෝරා ගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ එම කාර්යයේ නියැළීම නිසා විනය දැනුමක් මෙන්ම අත්දැකීම් බහුල එම ආචාර්ය මණ්ඩලයේ උනන්දුව උන්වහන්සේට මහත් රුකුªලක් බව කිව යුතු නොවේ .

සුභවාදී ආකල්පයන්ගෙන් ජීවිත ආලෝකවත් කර ගැනීමේ ඒකායන මාර්ගය වන්නේ සාරධර්ම වලින් මනස සංවර්ධනය වුවහොත් පමණි. කුඩාකල සිටම අධර්මවාදී අසුභවාදී සිතුම් පැතුම් මෙන්ම දර්ශන වලින් ඔද්දල් බවට කෙනෙකුගේ මනස පවතින්නේ නම් සමාජයට අහිතකර බලපෑම් එවැනි අයගෙන් එල්ල වීම නවතාලිය නොහැක. මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කළ අපේ යුග පුරුෂයන් ඒ සඳහා ගතයුතු හැම පියවරක්ම නොමසුරුව ගත්හ. ඒ අන්දමට ගත් ක්‍රියා මාර්ගයන් අතර මෙවැනි දහම් අධ්‍යාපන ආයතනයක් බිහි වීම සුවිශේෂිය.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]