UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් සංවර්ධනය සඳහා අරමුදලක් පිහිටුවීමට පියවර

පිරිවෙන් සංවර්ධනය සඳහා අරමුදලක් පිහිටුවීමට පියවර

සංවර්ධන අරමුදලක් යෝජනා කරන ලද්දේ පිරිවෙන තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්‍ෂාවෙනි. සමාජයෙන් පිරිවෙන හුදෙකලා වන්නට ඉඩ නොහැර සමාජය, අධ්‍යාපන ආයතනයක් ලෙස තවතවත් ජනතාව දැනුම්වත් කිරීමත් අරමුණක් බවද සෝමානන්ද හිමියෝ පවසති. ඒ නිසා පිරිවෙන් සංවර්ධන අරමුදලක් ඇරැඹීම සඳහා ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහභාගිත්වය ලබා ගැනීමටත් අපේක්‍ෂා කැරෙන බවද උන්වහන්සේ පැවසූහ.

පිරිවෙන්හි පාලක සභාව මඟින් පිරිවෙනහි කටයුතු පිළිබඳ තීරණ ගැනීම සිදු කරනු ලබන්නේ එම පිරිවෙන්හි පාලක සභාව මඟිනි. පිරිවෙනෙහි අධ්‍යයන කටයුතු පිළිබඳ තීන්දු ගැනීම සඳහා පිරිවෙන්හි සංවර්ධන සභා ක්‍රියාත්මක වේ.

පිරිවෙන් සංවර්ධනය සඳහා අරමුදලක් ආරම්භ කිරීමට යෝජනා කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද හිමියෝ පවසති.

සංවර්ධන අරමුදලක් යෝජනා කරන ලද්දේ පිරිවෙන තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්‍ෂාවෙනි. සමාජයෙන් පිරිවෙන හුදෙකලා වන්නට ඉඩ නොහැර සමාජය, අධ්‍යාපන ආයතනයක් ලෙස තවතවත් ජනතාව දැනුම්වත් කිරීමත් අරමුණක් බවද සෝමානන්ද හිමියෝ පවසති. ඒ නිසා පිරිවෙන් සංවර්ධන අරමුදලක් ඇරැඹීම සඳහා ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහභාගිත්වය ලබා ගැනීමටත් අපේක්‍ෂා කැරෙන බවද උන්වහන්සේ පැවසූහ.

පිරිවෙන් සංවර්ධනය සඳහා අරමුදලක් පිහිටුවීම පිළිබඳ සෝමානන්ද හිමියෝ දැක්වූ අදහස් මෙසේ ය.

එම අරමුදලේ සභාපති පිරිවෙන් කෘත්‍යාධිකාරී හිමියන් වන අතර පරිවෙණාධිපති හිමියන් එහි ලේකම්වරයා වේ. ප්‍රාදේශීය ලේකම්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතවරයකු එහි භාණ්ඩාගාරික වේ. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයකු ගණන් පරීක්‍ෂකවරයා වේ. අරමුදල් ව්‍යුහයට පොලිස් ස්ථානාධිපති හෝ ඔහු විසින් නම් කරනු ලබන නිලධාරියකු, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ වෛද්‍යවරයකු, ආයුර්වේද වෛද්‍යවරයකු, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී, විදුහලක විදුහල්පතිවරයකු, පිරිවෙන් ආචාර්ය මණ්ඩලයේ නියෝජිතයකු පිරිවෙන් දායක සභාවේ නියෝජිතයකු පිරිවෙන් ආදි ශිෂ්‍යයෙකු, දෙගුරුන් වෙනුවෙන් නියෝජිතයෙකු භාරකරුවන් වෙනුවෙන් නියෝජිතයකු, හිතවතුන් වෙනුවෙන් නියෝජිතයෙකු සහ ශිෂ්‍ය නායකයන් නියෝජනය කරමින් නියෝජිතයන් දෙදෙනෙකු ඊට ඇතුළත් වේ.

පිරිවෙනෙහි ඇතැම් අඩුපාඩු ප්‍රදේශයේ ප්‍රභූන්ගේ මෙහෙයවීමෙන් සකස් කර ගැනීමට ශක්තිමත් අරමුදලක් ඇරැඹීම අපේක්‍ෂාව වේ. පිරිවෙන් සංවර්ධනය සඳහා රජය මඟින් දෙනු ලබන ප්‍රතිපාදන ද එම අරමුදලට ලබා දෙනු ලැබේ.

ඊට අමතරව ජාතික පිරිවෙන් දිනය මෙම ජුනි මස 19වන දාට යෙදී ඇත. එදිනට සෑම පිරිවෙනක ම විවිධ වැඩසටහන් පවත්වන අතර පිරිවෙනට අදාළ ඔසු උයනක් සහ ගෙවත්තක් පවත්වා ගෙන යාමට ද යෝජනා කර තිබේ. ප්‍රදේශයේ ප්‍රභූන්, දානපතියන් කැඳවා ඔවුන්ගේ සහායෙන් නව අරමුදල ශක්තිමත් කිරීමට ද යෝජනා කර ඇතැයි ද සෝමානන්ද හිමියෝ පැවැසූහ.

ඊට අමතරව පිරිවෙන් මණ්ඩලය අනුමත කරන ලද පිරිවෙන් ගුරු පුරප්පාඩු 230ක් සඳහා පිරිවෙන් ගුරු පත්වීම් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පසු ගියදා පිරිනමන ලදී.

ප්‍රාචීන ප්‍රාරම්භ ප්‍රතිඵලවලින් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් හය දෙනෙකු සතියක් මැලේසියාවේ අධ්‍යාපන සංචාරයක් සඳහා ද යොමු කරන ලදී.

2013 පිරිවෙන් අවසාන විභාග ප්‍රතිඵල අනුව වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් 10 දෙනෙකු කොරියාව් සතියක අධ්‍යාපන සංචාරයක් සඳහා යෙදවීමට ද අපේක්‍ෂා කැරේ.

පිරිවෙන් ගුරුවරු සඳහා පැවැති බොහෝ ගැටලු මේ වන විට අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය සමඟ සාකච්ඡා කර ඒවා නිරාකරණය කිරීමට කටයුතු යොදා ඇත. පාසල් ගුරුවරුන් සඳහා පවතින සියලු වරප්‍රසාද පිරිවෙන් ගුරුවරයා වෙත ද ලබාදීමට හැකිවිය. ශිෂ්‍යයන් අතෘප්තිකර බවින් ඉවත් කර ඔවුන් වෙත විවිධ ත්‍යාග ප්‍රදානයන් සිදු කිරීමට ද කටයුතු යොදා ඇත. මූලික පිරිවෙන් තරගවලින් වැඩිම ලකුණු හිමිකරගත් පිරිවෙන් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත. මහ පිරිවෙන්වලට සහ විද්‍යායතන පිරිවෙන් සඳහා ද එය බලපැවැත්වේ. පිරිවෙන් ගුරුවරුන්ගේ සහ පිරිවෙන් ශිෂ්‍යයන්ගේ ද මෙතෙක් පැවැති උදාසීනභාවය දුරු කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.

මෙරට පිරිවෙන් 750ක් පවත්වාගෙන යන අතර ඒ සඳහා 6500 ක් පමණ ගුරුවරු සේවය කරන බැවින් ගිහි පැවිදි ශිෂ්‍යයන් 64000ක් පමණ වේ. ජාතික පිරිවෙන් දිනය මෙම 19වන දාට යෙදී ඇති අතර සෑම පිරිවෙනකම ඒ නිමිත්තෙන් විවිධ වැඩසටහන් සිදු කෙරෙන බව වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]