Print this Article


ජර්මනියේ බොන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් අසිරිය

වෙසක් පෝය නිමිත්තෙන් ජර්මනියේ බොන් නගරය හා ඒ අවට ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ විහාරස්ථානය ඇසුරු කරන ජර්මන් ජාතිකයන් විසින් මැයි මස 17 හා 18 දිනයන්හි විශේෂ පින්කම් රැසක් සිදු කරන ලදී. විහාරාධිපති කුඹුක්මුල්ලේ සිරිසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා බොන් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් විහාරස්ථ දහම් පාසලේ දූ දරුවන් විසින් වෙසක් බැති ගී ගායනයක්ද අටවිසි බුදුරජාණන් වහන්සේලා විෂයෙහි විශේෂ පූජාවක්ද වෙසක් ධර්ම දේශනයක්ද, පවත්වනු ලැබීය. මැයි 18 දවස පුරා විශේෂ සීල භාවනා වැඩසටහනක් සහ කිරි ආහාර පූජා පින්කමක් ද සිදු කරන ලදී.