ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ
			උපසම්පදා විනය කර්මය
			
			 
			එක්සත් අමරපුර මහ සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ 
			වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙම මස 21 වෙනි දින දෙමටගොඩ මහ 
			විසුද්ධාරාම විහාරස්ථානයේදී මහානායක, මහා කම්මට්ඨානාචාර්ය, විනයාචරිය, 
			ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහලේඛකාධිකාරි 
			පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද නා 
			හිමියන්ගේ සංවිධානත්වයෙන් මහ විසුද්ධාරාමාධිපති කාරක සංඝ සභික 
			ශාස්ත්‍රවේදී වැලිමඩ ශාන්ත හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාවේ 
			අනුග්‍රාහයක දායකත්වයෙන් පෙරවරු 8.00 සිට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා 
			ස්වේජීන් මහ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ 
			ප්‍රධාන ලේඛකාධිකාරි ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නා හිමියෝ නිවේදනය 
			කරති.  |